එක් ඡායාරූපයකින් ලොව පුරා බොහෝදෙනෙකුගේ අවධානය දිනාගත් 75 හැවිරිදි කාන්තාවක් පිළිබඳව වියට්නාමයෙන් වාර්තා වේ.
තොටියෙකු ලෙස රැකියාවේ යෙදෙන Bui Thi Xong ගේ මෙම අපූරු ඡායාරූපය ප්රංශ ජාතික ඡායාරූප ශිල්පියෙක් Réhahn වන විසින් වසර 2011 දී වියට්නාමයේ හොයි ප්රදේශයේදී ගෙන ඇත.
මෙය අහඹු ලෙස ගන්නා ලද ඡායාරූපයක් වන අතර දුප්පත් මෙන්ම ඉතා ලැජ්ජාශීලී Bui Thi Xong ඔහු ඡයාරූපය ගන්නා විට අත් වලින් සිය මුහුණ ආවරණය කර තිබේ.
වියපත් මෙන්ම දිළිඳු වුවද ජීවිතයේ සුන්දරභාවය පෙන්නුම් කරන එම ඡායාරූපය Réhahn විසින් පළ කරන ලද පොතෙහි මුල් පිටුව සඳහා යොදාගෙන ඇත.
ග්රන්ථය සාර්ථක වුවහොත් ඇයට සිය රැකියාව වඩාත් හොඳින් සිදුකරගෙන යාම සඳහා නව බෝට්ටුවක් ලබාදෙන බවටද ඔහු ඇයට පොරොන්දුවී තිබේ.
මාස 6කට පසු මෙම ඡායාරූපයේ ඇති සුන්දරත්වය ලොව පුරා බොහෝදෙනෙක් හඳුනාගත් අතර ඉන් පසු රූපවාහිනියේදී 5 වතාවක් පෙනී සිටි ඇය වියට්නාමයේ වෙසෙන ජනප්රියතම කාන්තාවක් බවට පත්වූවාය.