ටයිසන් ‘කුණාටුව’ නික්මයයි

එංගලන්ත පිලේ හිටපු වේග පන්දු යවන්නකු වන ෆ‍්‍රෑන්ක් ටයිසන් මහතා අභාවප‍්‍රාප්ත වූ බව නොදම්ප්ටන්ෂයර් ප‍්‍රාන්ත ක‍්‍රිකට් සමාජය නිවේදනය කරයි.
රෝගාතුරව සිටි ටයිසන් මහතා  ඕස්ටේ‍්‍රලියාවේ රෝහලකදී අභාවප‍්‍රාප්ත වී තිබේ. ලෝකයේ සිටි ඉතාමත්ම වේගවත් පන්දු යවන්නකු වූ ෆ‍්‍රෑන්ක් ටයිසන් ඔහුගේ පන්දු යැවීමේ වේගය නිසාම ‘ටයිෆූන්’ (කුණාටුව) යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලැබූ ටයිසන් මහතා මියයන විට 85 වැනි වියේ පසුවිය.
එංගලන්ත පිලේ 50 දශකයේ ප‍්‍රබලතම පන්දු යවන්නකු වූ ටයිසන් මහතා 1954-55 වසරවල  ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත ‘අළු බදුන’ තරගාවලියේදී කඩුලූ 28 ක් දවා ගනිමින් එංගලන්තය 3-1 ක් ලෙස ජයග‍්‍රහණය දක්වා රැගෙන ඒම විශේෂ සිද්ධියක් ලෙස සදහන් වේ.
ලැන්කැෂයර් ප‍්‍රාන්තයේ උපත ලැබූ ෆ‍්‍රෑන්ක් ටයිසන් නොදම්ප්ටන්ෂයර් ප‍්‍රාන්ත පිල වෙනුවෙන් තරග 170 කදී කඩුලූ 525 ක් දවාගනෙ තිබේ. ඔහු ටෙස්ට් තරග 17 කදී කඩුලූ 76 ක් දවා ගැනීමට සමත් විය.
වයස 30 දී ආබාධයක් හේතුවෙන් ක‍්‍රිකට් පිටියෙන් සමුගන්නා ටයිසන් මහතා  ඕස්ටේ‍්‍රලියාවේදී විදුහල්පතිවරයකු ලෙස වෘත්තිය ජීවිතය ඇරඹිය. ඒ මහතා ක‍්‍රිකට් පුහුණුකරුවකු, විස්තර විචාරකයකු, මාධ්‍යවේදියකු සහ ලේඛකයකු ලෙස ද කටයුතු කළේය.
ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ජේම්ස් සදර්ලන්ඞ් මහතා නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ ටයිසන් මහතා එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ටතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු ලෙස සදා මතකයේ රැඳෙන බවයි.
”ඒ මහතා  ඕස්ටේ‍්‍රලියාව තුළ ක‍්‍රිකට් විස්තර විචාරකයකු සහ ක‍්‍රිකට් ලේඛකයකු ලෙස ද විශිෂ්ට සේවයක් කළා” යැයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.