පාසල් පද්ධතියට “සනීපාරක්ෂාව පෙරට” වැඩසටහන ලබන 1 දා ඇරඹේ

4f7e22458e7ccc7826e76e3eb8a82de3_L

සල්වල පවතින මූලික අවශ්‍යතා හඳුනා ගනිමින් ලෝක ළමා දිනයට සමගාමීව ලබන 01 වැනි දා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ‘සනීපාරක්ෂාව පෙරට‘ වැඩසටහන ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (28) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ලෝක ළමා දින ජාතික උත්සවය කොළඹ මහානාම විද්‍යාලයේදී පැවැත් වේ.

මෙහිදී පළමු අදියර ලෙස දිවයින පුරා තෝරා ගත් පාසල් 1,200ක් තෝරා ගෙන තිබෙන අතර එක් පාසලට රුපියල් ලක්ෂ 20 බැගින් ලබා දීම සිදු වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම වැසටහන සඳහා විදුහල්පතිවරුන් වෙත චෙක් පත් ලබාදීම ලෝක ළමා දිනය යෙදෙන ඔක්තෝම්බර් 01 වැනි දා සිදු කෙරෙන බවත් මාස 3ක් ඇතුළත එම ඉදිකිරීම් අවසන් කිරීමට විදුහල්පතිවරුන් උපදෙස් ලබා දී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

දැනට ලංකාවේ ඇති නවීන දේශීය වැසිකිලි, කැසිකිළි, කට්ටල මේ සඳහා භාවිතා කිරීමට පිරිවිතර සකසා ඇති අතර මෙහි නිමාව සිත්ගන්නා සුළු අයුරින් සකස් කිරීමටත්, ඇතුළත වාතාශ්‍රය සඳහා පහසුකම් සහ ගැහැණු දරුවන් සඳහා විශේෂිත පහසුකම් සැලසීම සිදු වේ.

මෙරට පාසල් පද්ධතිය තුළ මෙම වසර වන විට පනීය හා සනීපාරක්ෂක පහසුකම් නොමැති පාසල් සංඛ්‍යාව 525ක් පමණ වූ අතර මේ වන විට එය 150 දක්වා අඩු කිරීමට හැකි වූ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

නිසි කළමනාකරණයෙන් යුතු මෙරට පාසල් පද්ධතියට අවශ්‍ය මූලික අංගෝපාංග හඳුනා බවත් දළ දේශීය නිෂ්පාදනයෙන් පියවරෙන් පියවර 6%ක් දක්වා අධ්‍යාපනට වෙන් කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා සඳහන් කළේය.images

http://sinhala.news.lk