පින්න­වල එක්ස්ප්‍රස්

ලෝක සංචා­රක දිනට සම­ගා­මීව “පින්න­වල එක්ස්ප්‍රස්” නමින් කොළඹ – පින්න­වල සුඛෝ­ප­භෝගී සංචා­රක ප්‍රව­ර්ධන බස් රථ සේවා­වක් පෙරේදා (26) ආරම්භ කැරිණි.
සංචා­රක හා ක්‍රිස්ති­යානි ආග­මික කට­යුතු ඇමැති ‍ජෝන් අම­ර­තුංග, ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රියේ සභා­පති පැඩි විතාන, එහි අධ්‍යක්ෂ ජන­රාල් මල්රාජ් කිරි­ඇල්ල සහ ඊබට් සිල්වා හොලි­ඩේස් පෞද්ග­ලික සමා­ගමේ සභා­ප­තිනි රාජිනී ද සිල්වා මෙන්ඩිස් යන මහත්ම මහ­ත්මීන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් මේ සේවාව කොළඹ දී ඇර­ඹිණි.
pinnawala
ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රිය හා ඊබට් සිල්වා හොලි­ඩේස් (පෞද්ග­ලික) සමා­ගම එක්ව ක්‍රියා­ත්මක මේ නව සේවාව සමඟ දෙස් විදෙස් සංචා­ර­ක­යින්ට ලාභ­දා­යිව, සුව­ප­හ­සුව හා ආර­ක්ෂා­කා­රීව කොළඹ සිට පින්න­වල අලි අනා­ථා­ගා­රය වෙත ගොස් සතුට, විනෝ­දය විඳ­ගැ­නීමේ අව­ස්ථාව සැල­සෙන බව ඇමැති ජෝන් අම­ර­තුංග මහතා සඳ­හන් කෙළේ ය.
නව සේවාව හේතු­කොට දේශීය ‍සංචාර­ක­යාව රට තුළ දක්නට ඇති සංචා­රක ආක­ර්ෂ­ණීය ප්‍රමුඛ ස්ථාන­යන් දැක­බලා ගැනී­මට පහ­සු­වන බව ද ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කෙළේ ය.
කොළඹ – කොල්ලු­පි­ටි­යෙන් ගමන් අර­ඹී­මට ප්‍රථම බස් රථය වෙත ගොස් එහි ඇති සුඛෝ­ප­භෝගී පහ­සු­කම් පිළි­බ­ඳව ඇමැ­ති­ව­රයා දැනු­වත් විය. ඉන්ප­සුව නව සේවාව ඇර­ඹී­මට සිය සුබ­පැ­තුම් එක්කළ ඇමැ­ති­ව­රයා, ගම­නට එක්ව සිටි දෙස් විදෙස් සංචා­ර­ක­යන්ට ද සුබ­පැ­තුවේ ය.
කොළඹ සිට පින්න­වල දක්වා යෑමට හා ඒමට අම්මා, තාත්තා ඇතුළු දූ දරුවෝ දෙදෙ­න­කුට අය කරන මුදල රුපි­යල් 3750කි. මේ මුද­ලට උදේ තේ, පින්න­වල අලි අනා­ථා­ගා­ර­යට ඇතු­ල්වී­මට අය කරන ගාස්තුව, සවස තේ පාන­යක් ද ලබාදේ.
කොළ­ඹින් උදේ 8.30ට ගමන ඇරඹේ.
ලොව ප්‍රකට වර­කා­පොළ, අඹේ­පුස්ස තානා­යමේ විනාඩි 15ක කාල­යක් ගිමන් හැර නැවැත පිටත්ව උදේ 10.00 වන විට පින්න­ව­ලට පැමිණේ. එතැන් පටන් සවස 3.00 වන තෙක් එහි රස­වි­ඳී­මට සංචා­ර­ක­යි­නට අව­ස්ථාව ලබා දී තිබේ.
අන­තු­රුව සවස 3.30ට ඉන් පිටත්ව අඹේ­පුස්ස තානා­ය­මින් තේ පානය කොට සවස 6.00 වන විට කොළ­ඹට පැමිණ මේ සේවාව අව­සන් වන බව ඊබට් සිල්වා හොලි­ඩේස් (පෞද්ග­ලික) සමා­ගමේ සභා­ප­තිනි රාජිනී ද සිල්වා මෙන්ඩිස් මහ­ත්මිය කීවා ය.
පින්න­වල රැලි­දිය හෝට­ලයේ පැවැති කෙටි මාධ්‍ය හමුව ඇමැතූ සභා­ප­ති­නිය මෙසේ ද කීවා ය.
දේශීය සංචා­ර­ක­යාට ලාභ­දායි මිලට, සුඛෝ­ප­භෝගී, ආර­ක්ෂා­කාරි සංචා­රක අත්දැ­කී­මක් විඳ­ග­න්නට ඉඩ සැලැ­සීම අපේ අර­මුණ වුණා. අපි මේ බස් රථය සෑම සති­අ­න්ත­ය­කම කොළඹ ප්‍රධාන හෝටල අස­ලින් පටන් ගන්නවා.
අපේ වෘත්තීය සංචා­රක මඟ­පෙ­න්ව­න්න­කුගේ සේවාව මේ පහ­සු­කම ලබා­ගන්නා ජන­තා­වට හිමි­වෙ­නවා. මෙය මුළු­ම­නින්ම දැනුම, විනෝ­දය, ආර­ක්ෂාව සහිත සුන්දර අත්දැ­කී­මක් ලබා­දෙන වැඩ­පි­ළි­වෙ­ළක්.
රාජ්‍ය හා පෞද්ග­ලික දෙඅං­ශයේ සමී­ප­ත්ව­යෙන් මේ වැඩ­පි­ළි­වෙළ ආරම්භ ‍වුණේ. ලෝකයේ දියුණු රට­වල මේවාගේ සංචා­රක ප්‍රව­ර්ධන සේවා තිබෙ­නවා. ඒවාගේ වැඩ­පි­ළි­වෙ­ළක් අපිට ආරම්භ කිරී­මට හැකි­වීම පිළි­බ­ඳව සතුටු වෙනවා. මෙය වඩාත් ජන­ප්‍රිය හා ආක­ර්ෂ­ණීය සේවා­වක් බවට පත්වනු ඇතැයි අප විශ්වාස කර­නවා යැයි ද රාජිනි ද සිල්වා මෙන්ඩිස් මහ­ත්මිය කීවා ය.
ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රියේ සහ­කාර අධ්‍ය­ක්ෂිකා දීපා මුණ­සිංහ මහ­ත්මිය; විඳිමු… දකිමු… රකිමු! තේමාව යටතේ දේශීය සංචා­ර­ක­යින්ගේ සංචාර ප්‍රව­ර්ධන වැඩ­පි­ළි­වෙ­ළක් ආරම්භ කළා. අපි මුලින්ම කොළඹ – පින්න­වල එක්ස්ප්‍රස් බස් රථ සේවාව ආරම්භ කළා. නුදු­රේ­දීම කොළඹ – පාසි­කුඩා සේවා­වත් ආරම්භ කර­නවා. මේ වැඩ­පි­ළි­වෙළ අපේ විෂය භාර අමා­ත්‍ය­තුමා, අපේ සභා­ප­ති­ව­රයා වාගේම අධ්‍යක්ෂ ජන­රා­ල්තු­මාගේ මග­පෙ­න්වීම් මත ක්‍රියා­ත්මක කර­නවා.
පින්න­වල අලි අනා­ථා­ගා­රයේ සහ­කාර අධ්‍ය­ක්ෂිකා දිනු­ෂිකා මාන­වඩු මහ­ත්මිය; අද ඉතාම සතු­ටු­දා­යක දව­සක්. මේවාගේ සේවා­වක් ආරම්භ කිරීම නිසා පින්න­ව­ලට එන සංචා­රක පිරිස් වැඩි වෙනවා. ඔවුන්ට අපේ අලි ඇතුන් ගැන දැනු­මක්, හැඟී­මක් ලබා දෙන්න කට­යුතු කර තිබෙ­නවා. මේක සංචා­ර­ක­යින්ට හිමි­වන රත්‍රං අව­ස්ථා­වක් බව කියන්න ඕනෑ යැයි කීවා ය.
පින්න­ව­ලට මුල්ම සංචා­රක ගම­නට එක්වූවෝ ඉතා සුහ­ද­ශීලී හා මිත්‍ර­ත්ව­යෙන් පිළි­ගනු ලැබුවේ වයස අවු­රුදු 3 ½ ක් හා වයස අවු­රුදු 5ක් වන අභය හා දිල්කි යන ඇත් පැට­වුන් දෙදෙනා විසිනි.
මේ වන­විට පින්න­වල අලි අනා­ථා­ගා­රයේ අලි ඇතුන් 88 දෙනකු ජීව­ත්වෙති. ඉන් 41ක් පිරිමි සතුන් ය. 47ක් ගැහැනු සතුන් ය. වසර 1975 අක්කර 22ක බිමක මෙය ඇර­ඹිණි. ලොව ප්‍රමුඛ සංචා­රක නවා­තැ­න්ප­ලක් ලෙස පින්න­වල ප්‍රකට ය.