බඩ කපාගෙන සැකකරුවෙකු පැනයයි

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් රත්නපුර මහාධිකරණයේ විභාග වන නඩුවකට අදාල විවෘත වරෙන්තුකරුවකු පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු පොලිස් නිළධාරීන් ඉදිරිපිටදීම බඩ කපාගෙන තිබේ.

මෙම පුද්ගලයා මොරවක පොලිස් බල ප්‍රදේශයේ ඊදඩුකිත අක්කර 10 වත්තේ සිටින බවට මොරවක පොලිසියට ලැබුණ තොරතුරක් මත ඔහු අත් අඩංගුවට ගැනීමට යාමේදී මෙසේ බඩ කපාගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

crime-investigations-in-sri-lanka

ඔහු සමග සිටි තවත් සැකකරුවකු පැනගොස් ඇත.

බඩ කපාගත් පුද්ගලයා මාතර රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුලත් කර ඇති බව ද සදහන්.