මක්කම තෙරපීමෙන් 700ක් මරුට

සෞදි අරාබියේ මක්කම ආශ්‍රිතව සිදුවූ තෙරපීමකින් පුද්ගලයන් 700කට වැඩි පිරිසක් මියගොස් තවත් 863 දෙනෙක් තුවාල ලැබූහ.

හජ් වන්දනාකරුවන් පිරිසක් මෙලෙස තෙරපීමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තෙරපීමෙන් තවත් පුද්ගලයන් 450 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. අනතුරට ලක්වූවන් බේරාගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා නිලධාරීන් 4000කට අධික පිරිසක් යොදා ඇති බව සෞදි අරාබි බලධාරීන් පවසයි.

සෑම වසරකම ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මිලියන 2කට අධික පිරිසක් හජ් වන්දනාව සඳහා මක්කම වෙත පැමිණෙන බව යි. මෙවර හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකිකයින් 3000ට අධික පිරිසක් මක්කමට ගොස් ඇති බව මුස්ලිම් කටයුතු අමාතත්‍යංශයේ ලේකම් විමලසිරි පෙරේරා මහතා පවසයි.

ශ්‍රී ලාංකික බැතිමතුන්ට හානියක් නෑ

මක්කම හජ් වන්දනාවේ ගොස් අනතුරට පත් වූ පිරිස අතර කිසිදු ශ්‍රී ලාංකිකයකු නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ (24) නිවේදනය කෙළේය.

24092015_130875667288241758_ssi_cmy

කෙසේවෙතත් අනතුරට පත්වූවන් අතර ශ්‍රී ලාංකිකයින් සිටින්නේ ද යන්න පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බව ලේකම්වරයා කියයි.

මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය මොහොමඩ් හලීම් මහතා ද මක්කම වන්දනාවට ගොස් සිටින බව විමලසිරි පෙරේරා මහතා කියා සිටියි.

මේ අතර සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ මෙම සිද්ධියෙන් ශ්‍රී ලාංකිකයින්ට අනතුරක් සිදුව ඇතිදැයි වාර්තා වී නොමැති බවයි.