මවගේ සොහොන අසළ පුතු දිවි නසා ගනී

මව මිය පරලොව යෑමෙන් දැඩි චිත්තපීඩාවකට ලක්ව සිටි අවිවාහක පුත්‍රයෙකු ඇයගේ සොහොන ලගට ගොස් වස පානය කොට සියදිවි නසාගෙන ඇති බව මිහින්තලය පොලීසියේ අපරාධ විමර්ශන අංශය සදහන් කලේය.

මියගිය පුද්ගලයා මීට දින 07කට පමණ පෙර නිවසින් අතුරුදන්වී ඇති බවට මිහින්තලය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඊයේ සවස මියගිය පුද්ගලයාගේ මල සිරුර මිහින්තලය කහපත්විලගම ප්‍රදේශයේ  පිහිටි පොදු සුසාන භූමියේ තිබී සොයා ගත් බව සදහන්.

සිරුර බෙහෙවින් නරක්ව තිබු බවත්, පවුලේ ඥාතීන් විසින්ම සිරුර පොදු සුසාන භූමියේ පිහිටි මවගේ සොහොන අසල තිබෙන අයුරු දැක පොලීසියට ඒ බව දන්වා තිබුනි.

divi_nsaa_gnii

කැලෑවට ගොස් තිබෙන මවගේ සොහොන ආසන්නයේ ඔහු මිට ගෙස් සිටි අතර ඒ ආසන්නයේ කෘෂි රසායන හිස් බෝතලයක් , මත්පැන් බෝතලයක් සහ ඇදුම් මල්ලක් තිබු බව පොලීසිය පැවසුවේය.

මරණකරු කාලාන්තරයක් තිස්සේ මව මිය යෑම සම්බන්දයෙන් දැඩි චිත්තපීඩාවකට ලක්ව සිටි බවත්, මව ගිය තැනකටම තමන්ටද යායුතු බව කියමින් කල් ගෙවු බවත් පවුලේ ඥාතීන් පොලීසියට පවසා තිබුනි.

මියගිය පුද්ගලයා මිහින්තලය පොලිස් වසමේ උට්ටිමඩුව කහපත්විල ප්‍රදේශයේ පදිංචි ගාමිණී දිසානායක (58) නැමති කුලී වැඩ කරමින් ජීවිකාව ගෙන ගිය පුද්ගලයෙකු බව පොලීසිය සදහන් කලේය.

මියගිය පුද්ගලයාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රියදර්ශනී කාරියවසම් විසින් සිදුකල අතර සිරුර ශික්ෂණ රෝහල වෙත ගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලෙස නියෝග කලේය.