එක්නැලිගොඩ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට පත් හමුදා නිළධාරීන්ගේ බිරිනදෑවරුන්ගේ පෙත්සම් විභාහග කිරීම සදහා රහස් පොලිස් අධ්‍යක්ෂ ඇතුලු 7කට නොතීසි.

මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධියට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හමුදා කෝප්‍රල්වරයා ඇතුලු ,යුධ හමුදා බුද්ධි අංශ සිවිදෙනා රැදවුම් නියෝග මත රදවා තිබීම සම්බන්ධයෙන් ඔවුන්ගේ බිරියන් විසින් ඉදිරිපත් කල හබයාස් කොපුස් පෙත්සම් 4ක් සලකා බැලූ අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ඇතුලු අභියාචනාධිකරණ විනිසුරු මණ්ඩලය පොලිස්පති ඇතුලු 7 දෙනෙකුට නොතීසි නිකුත් කරමින් ලබන ඔක්තොම්බර් මස 9වන දින අධිකරණයේ පෙනී සිටීමට නියෝග කර තිබේ.