පෝල් වෝකර්ගේ දුව කාර් සමාගමට නඩු දායි

හොලිවුඩ් සුපිරි නළු පෝල් වෝකර්ට මරු කැඳවූ රිය අනතුර සම්බන්ධයෙන් පෝශේ (porsche) මෝටර් රථ සමාගමට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කිරීමට ඔහුගේ දියණිය සුදානම් වන බව ඇමරිකානු පුවත් වාර්තා පවසනවා.

eadowwalkerpaulwalkercombo

පෝශේ (porsche) මෝටර් රථ සමාගම, මගීන් සඳහා වන ආරක්ෂක පිළිවෙත් නිසි ලෙස අනුගමනය කොට නැති බවට පෝල් වෝකර්ගේ දියණිය, මෙඩෝව් චෝදනා කරන බව ඇමරිකානු මාධ්‍ය වාර්තා පළ කර තිබෙනවා.

රියදුරු පාලනයෙන් මිඳුණු මෝටර් රථය ඊට බෙහෙවින් අඩු වේගයකින් ගමන් කොට ඇති බවට පෝල් වෝකර්ගේ දියණියගේ නීතිවේදීන් තර්ක කිරීම මීට හේතුවයි.

මිතුරෙකු විසින් පැදවූ වෝකර් ගමන් ගත් පෝශේ (porsche) රථය කණුවක ගැටීමෙන් අනතුරුව ගිනි ගත්තේ දෙදහස් දහතුන වසරේදීයි. අනතුර වන මොහොත වන විට මෝටර් රථය පැයට කිලෝමීටර 151 වේගයෙන් ගමන් කොට ඇති බව පොලිස් වාර්තා පෙන්වා දී තිබෙනවා.

කෙසේවෙතත් පෝශේ (porsche) මෝටර් රථ සමාගම මේ සම්බන්ධයෙන් මේ දක්වා ප්‍රතිචාර දක්වා නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.