සුසිල් ප්‍රේමජයන්ත අද ජනපති කොමිසම හමුවට.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පසුගිය ජනාධිපති මැතිවරණ සමයේදී ස්වාධීන රූපවාහිනි ආයතනයට ගෙවිය යුතු දැන්වීම් ගාස්තු පිලිබදව ප්‍රකාශයක් ගැනීම සදහා බරපතල වංචා දූෂණ විශේෂ ජනාධිපති කොමිසම හමුවේ අද (30) පෙනී සිටීමට නියමිත යැයි එම කොමිසම අවධාරණය කරයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී  ස්වාධීන රූපවාහිනි සේවාව විකාශනය කරන ලද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රචාරක වියදම් වෙනුවෙන් රුපියල් මිලියන එකසිය පහළොවක මුදලක් අය කර නොගැනීම සහ එවකට ජනාධිපති අපේක්ෂකයකු වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැන්වීම් ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන අසූවක මුදලක් අය කර, එම දැන්වීම් ප්‍රචාරය නොකර පාරිභෝගික විශ්වාසය කඩ කිරීම හා සිදු කර ඇති අක්‍රමිකතා සම්බන්ද මෙම පරීක්ෂණ කටයුතු සිදු කරන බව විශේෂ ජනාධිපති කොමිසම අවධාරණය කරයි.

Susil-anura