ද්විත්ව පුරවැසිභාවය ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගැන ගීතා හෙළිකරයි (වීඩියෝ)

ද්විත්ව පුරවැසිභාවය ලබා තිබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් ගොනුකර තිබු පෙත්සමක් සම්බන්ධයෙන් ඔක්තෝබර් 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියට අභියාචනාධිකරණය ඉකුත් 28 නොතීසි නිකුත් කළා.

 

කෙසේ වෙතත් තවමත් ඇයට මේ සම්බන්ධයෙන් ලිඛිත ලියවිල්ලක් ලැබී නොමැති බව ඇය සඳහන් කරනවා.

ඇය ශ්‍රී ලංකාවේ සහ ස්විට්සර්ලන්තයේ ද්විත්ව පුරවැසිලාභියකු වන බැවින් ධූරයේ කටයුතු කිරීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගාල්ල දිස්ත්‍රික් ඡන්දදායකයන් පස්දෙනකු මෙම පෙත්සම ගොනු කර තිබුණා.

 

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 91 වැනි වගන්තියට අනුව ද්විත්ව පුරවැසි භාවය දරන්නේකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකිවනවා.

 

කෙසේ නමුත් ද්විත්ව පුරවැසිභාවය සහිත තවත් මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුව තුළ සිටින බවද පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා

https://www.youtube.com/watch?t=73&v=pzfzRhwBU2k