ලංකාවේ ගැහැණු වැඩි වෙලා

ජනගහනයෙන් පිරිමින්ට වඩා කාන්තාවන් 18,17,000ක් වන බවත් මෙය බරපතළ සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනය පෙන්වා දෙයි.මෙරට ජනගහනයෙන් සියයට 46ක් එනම් 10,445,000ක් පිරිමි වන අතර සියයට 54ක් 1,22,62,000ක් ස්ත්‍රීහු වෙති. මේ අනුව සෑම කාන්තාවන් සත් දෙනකුගෙන් එක් අයකුට පිරිමියෙක් නැත.

පිරිමි ගහනය අඩුවී ස්ත්‍රී ගහනය සියයට 8කින් ඉහළ යෑම නිසා විවාහ වීම, රැකියා ලබාගැනීම, පවුල් ආරවුල්, මානසික ආබාධ ඇතුළු ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වී ඇති බවද එම ආයතනය කියයි.ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව වැඩිවීම නිසා පුරුෂ ගහනයට වඩා ස්ත්‍රී ගහනය වැඩිවී ඇති බවත් මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි, ආහාර අවභාවිතය වැනි හේතු නිසා මෙන්ම හෘදයාබාධ, දියවැඩියාව වැනි බෝ නොවන රෝග හේතුවෙන් පුරුෂයන්ගේ ආයු කාලය අඩුවීමද එවැනි තත්ත්වයන්ට මුහුණදීමට කාන්තාවන්ට ඇති ඉඩ ප්‍රස්තාව අඩුවීම නිසා ඔවුන්ගේ ආයු කාලය පුරුෂයන් ඉක්මවා යෑමත් කාන්තා ගහනය වැඩිවීමට හේතු වී ඇති බව පර්යේෂණවලින් අනාවරණය වී තිබේ.