පාසල් සිසුවා වෙනුවෙන් ලංකා ගුරු සංගමය මානව හිමිකම් කොමිසමට යයි

සේයා සදෙව්මි දැරිය ඝාතනය සම්බන්ධයෙන් පැවැත්වු ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තාවක් අද පොලීසිය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට භාර දුන්නේ ය.

අදාළ රහස්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ, මීගමුව කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරින් විසිනි.

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව ජින්ටෙක් ආයතනය මෙම ඩී.එන්.ඒ. පරීක්ෂණය පැවැත්විය.

මේ අතර දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පාසල් සිසුවා සම්බන්ධයෙන්, ලංකා ගුරු සංගමය ඇතුළු සංගම් ගණනාවක් අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය.

කොටදෙණියාව පොලිසියේ ස්ථානාධිපතිවරයා, ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන්, පොලිස්පතිවරයා සහ ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපති මෙහි වගඋත්කරකරුවන් ලෙස නම් කර තිබේ.

ගුරුවිදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජෝසෆ් ස්ටාර්ලින් මහතා
ගුරුවිදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජෝසෆ් ස්ටාර්ලින් මහතා

ගුරුවිදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජෝසෆ් ස්ටාර්ලින් මේ සම්බන්ධයෙන් දැක් වූ අදහස්,

”මේ සිසුවාට සම්පුර්ණ සාධාරණයක් ඉටු කරන්න ඕන. ඔහුගේ මුලික අයිතීන් කඩ වෙලා තියෙනවද .? ඔහු අත්අඩංගුවට ගැනීම නිත්‍යනුකුලද ..? ඔහුව නැවත නැවතත් බන්ධනාගාර ගත කිරීම නිත්‍යනුකුලද.? යනාදිය මුලිකව සලකා බලනවා. ඒ වගේම ළමා ආරක්ෂක අධිකාරිය වග උත්තරකරුවෙකු කර මානව හිමිකම් කොමිසමට පැමිණිලි කලා. ඉදිරියේදී පාසල් සිසුන් අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කල යුතු නිර්ණායක මොනවද කියල සොයා බැලිය යුතුයි. වරදක් වුනොත් පාසල් සිසුන් අත්අඩංගුවට ගන්න ඕනෙ. නමුත් එහිදී කටයුතු කල යුතු නිර්ණායක සම්බන්දයෙන් මතයක් සමාජ ගත වෙන්න ඕනෙ.”