හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකාට බෝම්බ ගැසූ දෙදෙනාට අවුරුදු 600ක සිර දඩුවමක්

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මහත්මිය 1999 දෙසැම්බර් 18 වන දින කොළඹ නගර සභා ක්‍රීඩාංගනයේදී ජනාධිපති මැතිවරණ රැලියට සහභාගී වු අවස්ථාවේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා හැරීමට කටයුතු කල කොටි කතට එම ඝාතනය සිදු කිරීමට අනුබල දීමේ චෝදනාව මත වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහ අධිකරණය විසින් බරපතල වැඩ ඇතිව වසර 300 බැගින් සිර දඩුවමකට නියම කර තිබේ.
එම බෝම්බයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ නන්දසේන සිල්වා මහතා සහ පොලිස් හා හමුදා නිළධාරීන් විසිදෙනෙකු ඝාතනයට ලක් වු අතර, තවත් 85 දෙදෙනකුට බරපතළ තුවාල සිදු වී තිබුණි.