කොටදෙණියාවේ සේයා සෙදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් සිසුවා සහ එක් දරු පියා නිදහස්

කොටදෙණියාවේ සේයා සෙදෙව්නි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් ව සිටි 17 හැවිරිදි පාසල් සිසුවා සහ එක් දරු පියා ඊයේ (01) වන දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිදහස් කර ඇතැයි වාර්තා වේ.

පොලීසිය සැකපිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවා සහ එක් දරු පියාගේ ජෛව සාම්පල් ඩී.එන්.ඒ පරීක්ෂණයකට භාජනය කොට සේයා සදෙව්ණි දැරියගේ ඝාතනයට නිශ්චිතවම සම්බන්ධ දැයි සිදුකරන ලද පරීක්ෂණයේ ප්‍රථිපල අනුව එම ඝාතනය සම්බන්දධව මෙම පුද්ගලයින් දෙදෙනා කිසිදු සම්බන්ධයක්නොමැති බව රහස් පොලිසිය විසින් අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්තුමාන් විසින් මොවුන් නිදහස් කොට තිබේ.