ජනපති මෛත්‍රී සුළු කණ්ඩායමක් සමග එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීම සදහා ගියත් එහි ලැබූ ප්‍රතිඵල අති විශාලයි ඇමති නිමල් සිරිපාල කියයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුළු කණ්ඩායමක් සමග සහභාගී වුවත්,එහි ලැබූ ප්‍රථිපල අති විශාල බව ප්‍රවාහන  අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (01) වන දින ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ කැදවා තිබු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදි මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණ වලට පිළිතුරු දුන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩි දුරටත් කියා සිටියේ, ශ්‍රි ලංකාවේ මානව හිමිකම් සම්බන්ධව ජීනීවා හි සම්මත කළ යෝජනාව පිළිබදව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වශයෙන් තවදුරටත් අධ්‍යයනය කරමින් ඒ පක්ෂයේ ස්ථාවරත්වය ඉදිරියේදී ප්‍රකාශ කරන බව ඔහු ප්‍රකාශ කළේය.