ජිනීවා යෝජනාව ඒකමතිකව සම්මතයි

ශ්‍රි ලංකාවේ වග වීම හා ප්‍රතිසංධානය වර්ධනය කිරීම පිළිබද ඇමරිකාව විසින් ගෙන ආ යෝජනාව ඡන්ද විමසුමකින් තොරව ඊයේ (01) දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී සභා ගත වුන බව විදෙස් ආරංචි මාර්ග මගින් දක්වා තිබේ.

ඒ සදහා ඇමරිකාව, එංගලන්තය, උතුරු අයර්ලන්තය, ජර්මනිය, ලැටිවියාව, මොන්ටෙනේග්රෝ, පෝලන්තය, රුමේනියාව,මැසඩෝනියාව, ශ්‍රි ලංකාව, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 25කම සම අනුග්‍රහය ලැබී තිබේ.ඉන්දියාව විසින් ද ඇමරිකාව ගෙන ආ යෝජනාව පිළිගෙන තිබේ.

ඇමරිකාව විසින් මෙම යෝජනාව පසුගිය බ්‍රහස්පතින්දා මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කර ඇත. ශ්‍රි ලංකාවේ සිදු වුන බව කියන මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂවාදී නීතිය කඩවීම් පිළිබදව සොයා බැලීම සදහා විශේෂ කවුන්සලයකින් යුත් අධිකරණ යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවිය යුතු බව යෝජනා කර ඇත.