කෝටි 5ක හෙරෝයීන් තොගයක් අත්අඩංගුවට

රුපියල් කෝටි 5ක හෙරෝයීන් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ ( 4 ) අලුයම කටුනායක ගුවන් තොටුපල රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (4)අලුයම 5.05 චෙන්නායි සිට පැමිණි යූ.එල් 126 දරණ ගුවන් යානයෙන් පැමිණි මෙම පුද්ගලයින් දෙදෙනා තුනපහ කුඩු ලෙස හගවමින් මෙම හෙරෝයින් තොගය රැගෙන පැමිණ ඇති අතර, මොවුන් දෙදෙනා කොළඹ කිරුළපණ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45ක පුද්ගලයෙක් සහ අවුරුදු 60ක කාන්තාවක් බවට හදුනා ගෙන ඇත.
මෙම හෙරෝයින් තොගය කිලෝග්‍රෑම් 5ක් පමණ වන අතර, ග්‍රෑම් 500ක පැකට් ලෙස ඉතා සුක්ෂම අසුරින් සකස් කර රැගෙන ආ බවට ගුවන්තොටුපල රේගු ආරංචි මාර්ග පවසයි.