ජාතික හරිත සම්මාන ප්‍රදානොත්සවය අද

ජාතික හරිත සම්මාන ප්‍රදානය 2015 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (05) පස්වරු 02.30ට කොළඹ බණ්ඩානායක අනුස්මරණ ජාත්‍යන්තර ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.

මේ සඳහා මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරුද්ධ ජයරත්න මහතා, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද සහභාගී වනු ඇත.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙම ජාතික හරිත සම්මාන ප්‍රදානොත්සවය සංවිධානය කරනු ලබයි.