ලංකාවේ ගණිකාවන් අයිතිවාසිකම් ඉල්ලා එක් වෙයි

ලිංගික ශ‍්‍රමයෙන් යැපෙන ශ‍්‍රී ලාංකික කාන්තාවෝ තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා සංවිධාන ගත වී සිටිති.ශ‍්‍රී ලංකාවේ මෙවැනි සංවිධානයක් නිල වශයෙන් ස්ථාපිත කර ඇත්තේ ප‍්‍රථම වතාවටයි.

sex

සිවිල් ක‍්‍රියාධරයන් කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් පිහිටුවාගෙන ඇති මෙම සංවිධානය හැඳින්වෙන්නේ ලිංගික ශ‍්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සඳහා වූ මධ්‍යස්ථානය නමින්.එහි ජාතික සංවිධායක නීතිඥ සේනක පෙරේරා කියා සිටියේ දැනට සාමාජිකාවන් දෙසීයක් පමණ සංවිධානයට එක් වී ඇති අතර ලංකාව පුරා ලිංගික ශ‍්‍රමිකයන් ලක්ෂයකට අධික ප‍්‍රමාණයක් සිටින බවයි.

‘ලිංගික ශ‍්‍රමිකයන් කියන්නෙත් මනුෂ්‍ය කොටසක්. මානව හිමිකම් ගැන කතා කරනවානම් මේ ලිංගික ශ‍්‍රමිකයන්ගේ අයිතීන් පවා ඊට ඇතුළත්. මේ ලිංගික ශ‍්‍රමිකයන්ට පොලිසියෙන් තමයි පලවෙනි පීඩාව ඇතිවෙන්නේ.’ නීතිඥ සේනක පෙරේරා පවසයි.

මෙම සංවිධානයට බැඳී තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන කාන්තාවක් කතා කිරීමට එකඟ වුනාය.
ඇගේ කතාව

ඇය රත්නපුර ප‍්‍රදේශයේ පදිංචි බාලචන්ද්‍රන් මහේෂ්වරී. මේ ඇගේ කතාවයි.

‘මේ අසාධාරණය සිද්ධ වෙන්නේ සමාජයෙන්මයි. සමාජය තමයි පොලිසියට යොමු කරන්නේ. මම බස් හෝල්ට් එකේ දරුවොත් එක්ක ඉන්න කොට පොලිසියෙන් ඇවිත් මාව අරන් යනවා. මම ගණිකාවක් තමයි. ඒත් මම ඒ වෙලාවේ රස්සාව කරන්නේ නැහැනේ. පොලිසියේ දී අපිට ඉතින් තියෙන්නේ අන්තිම සැලකිල්ල තමයි. උසාවියෙදීත් හයියෙන් කෑ ගහල කියනවා හැමෝටම ඇහෙන්න මෙයා ගණිකාවක් කියල.’

‘මම මේ රස්සාවට යොමු වුනෙත් පිරිමි නිසා තමයි. මනුස්සය වෙන ගෑණු එක්ක ගියා. දරුවන්ට කන්න දෙන්න විදියක් ඕන. මගේ ඉල්ලීම මේකයි. ගණිකා වෘත්තීය කවදාවත් නවත්වන්න බැහැ. කිසිම රටක නැවතිලා නැහැ. අපි ඉල්ලන්නේ මේක නීති ගත කරන්න කියල.’

‘ගණිකාව කියල පට්ට ගහන්නේ කාන්තාව විතරයි. එන මනුස්සය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. නමුත් මනුස්සයෙක් ඇවිල්ල තමයි අපිව ගන්නේ. ඒ මිනිහත් අපිව ගන්නේ දුෂණයක් කරලා පොලිසියට අහු වෙන්න බැරි හන්දා. ඒක තමයි ඇත්ත.’

‘මසාජ් ක්ලිනික් එකක් ඇල්ලූ‍වම ඒක වීඩියෝ කරලා කැතම විදියට මීඩියා එකේ දානවා අපිට එලියට බහින්න බැරි විදියට. මේවා දාන ඒක වැරදියිනේ. අපිට ආණ්ඩුව හෝ සමාජය කන්න දෙන්නේ නැහැනේ. අපි තව මිනිහෙක් එක්ක ගිහිල්ල ඒ මිනිහා දෙවි කෙනෙක් වගේ සලකල කීයක් හරි හොයා ගන්නවා.’ බාලචන්ද්‍රන් මහේෂ්වරී පැවසුවාය.

ලිංගික ශ‍්‍රමිකයන් ලෙස රැුකියාවේ යෙදෙන කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන තවත් කාන්තාවක් අප සමඟ කතා කරමින් කියා සිටියේ තමන් අතීතයේ දී එම වෘත්තීය කරද්දී තමා මුහුණ දුන් ගැටළු තවත් කාන්තාවකට හිමි නොවිය යුතු බවයි.

151002172600_senaka_perera_512x288_senakaperera

සංවිධානයේ ජාතික සංවිධායක නීතිඥ සේනක පෙරේරා

 

bbc