“ප්‍රහාර නවත්වන්න” රුසියාවට නේටෝ බලපෑම්.

රුසියානු ප්‍රහාර සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට එරෙහි විපක්ෂ ක්‍රියාකාරීන්ගේ සන්නද්ධ කණ්ඩායම්වලට යොමු වී ඇති බවට  ඇමරිකාව සහ නේටෝ සංවිධානය චෝදනා කරයි.

සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්

නේටෝ සංවිධානය විසින් සිරියානු විපක්ෂ ක්‍රියාකාරීන්ට එරෙහි ප්‍රහාර නතර කරන්නැයි රුසියාවට මින් පෙර අනතුරු ඇගවීමක්ද කරන ලදී. නේටෝ සංවිධානය හා ඇමෙරිකාව චෝදනා කරන ආකාරයට ජනාධිපති බෂාර් අල් අසාද්ට එරෙහි විපක්ෂ ක්‍රියාකාරීන්ගේ සන්නද්ධ කණ්ඩායම් රුසියානු ප්‍රහාරවල ඉලක්කය වී ඇත.  තව දුරටත් අදහස් දක්වන නේටෝ සංවිධානය එම ප්‍රහාරවලින් සිවිල් වැසියන් ද මිය යන බවට චෝදනා කරයි.

මේ පිළිබඳව අදහස් දක්වන රුසියාව තම ප්‍රහාරවල ඉලක්කය අයි.එස්. සන්නද්ධ කණ්ඩායම් පමණක් බවට තහවුරු කරයි. අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය සෙනසුරාදා තම ප්‍රහාරක යානයක් තුර්කි ගුවන්තලයට පිවිසුණේ අත් වැරදීමකින් බව ද රුසියාව කියා වැඩි දුරටත් කියා සිටියි. කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තුර්කිය ඊයේ දෙවන වරටත් රුසියානු තානාපතිවරයා කැදවා කරුණු විමසා ඇත.