අයිෂ් ආයෙත් ජෑස්බා සමග බොලිවුඩයට

සුපිරි බොලිවුඩ් නිලි අයිශ්වර්යා රායි සිය කුළුඳුල් දැරූ උපතින් අනතුරුව රඟපෑමෙන් ඉවත්ව බොහෝ කාලයක් ගත කළා.

අමිතාබ් බච්චන් පුත් අභිෂේක් බච්චන් සමග විවාහයෙන් පසු  සිනමාවෙන් යම් තරමකට ඈත් වී සිටි ඇය මවු පදවිය ලැබීමට යාමත් සමගම මාධ්‍යයට පෙනී සිටීමෙන් පවා ඈත් වී සිටියා.

වසර 05 කට පසුව ඇය නැවතත් බොලිවුඩයේ සුපිරි සිනමා අධ්‍යක්ෂ සංජය ගුප්තා ගේ ජෑස්බා චිත්‍රපටයේ පෙනී සිටිනවා. මෙම චිත්‍රපටයේ අයිශ්වර්යා සමග ඉර්ෆාන් ඛාන් සහ තවත් ඉන්දීය සිනමා තරු ගොන්නක් පෙනී සිටින බවට සඳහන්.

කෙසේ නමුත් ඓශ්වර්යා රායිගේ පෙර පෙනුම හා හැඩරුව මෙම චිත්‍රපටයේදී කැපී පෙනෙන ලෙස වෙනස් වී අති බව සිනමා රසිකයින් පවසනවා. නමුත් ඈ සතු සරාගී බව හා සුන්දරත්වය කිසිසේත්ම අඩුවක් වී නැති බව ඔවුන් පවසනවා.

https://youtu.be/qrn8eSMjrqY