චීන සහාය දිගටම ලංකාවට.

චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය ලිවූ සෙන්මින් මහතා ඇතුළු දුත පිරිසක් ඊයේ (08) පස්වරුවේ මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අතර ” ආසියාවේ වැදගත් රටක් ලෙස ශ්‍රී ලංකාව සලකන බවත් රටේ සංවර්ධනයට අවශ්‍ය ඕනෑම සහයක් ලබා දීමට චීන රජය කැමැත්තෙන් සිටින බවත් ප්‍රකාශ කර සිටියහ.

ඉකුත්දා චීනයේ  සංචාරයක නිරත වූ ජනාධිපති තුමා එහිදී චීන ජනාධිපතිතුමා ප්‍රමුඛ චීන රජය විසින් දක්වන ලද අනුග්‍රහය අගය කිරීමට ලක් කල අතර තව දුරටත් චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින දීර්ග කාලින මිතුදම පිළිබඳවද සුහද පිළිසඳරක නිරත විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දීර්ඝ කාලින දේශපාලන ගමන හා ඔහුගේ නායකත්වය ඇගයීමට ලක්කළ චීන නියෝජිතයින් රට සංවර්ධනය කර ගෙනයන ගමනට සුභ පැතුම්ද එක කළේය.

ජිනිවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාව කෙරෙහි චීනය දක්වන ලද සහය අගය කල ජනපතිතුමා මේ වන විටත් රට සංවර්ධනය කර ගෙන යන ගමන ආරම්භ කර අති බව පැවසිය.

මාරාන්තික වකුගඩු රෝගය වැලැක්වීම සඳහා ජනාධිපති තුමන් විසින් අරබා ක්‍රියාත්මක කරන වැඩසටහන පිළිබඳව සඳහන් කල එතුමා චීන රජයේ ආධාර මත  ඒ සඳහා ඉදි කිරීමට නියමිත වකුගඩු රෝහල පිළිබඳවද සිහිපත් කළේය. ඊට අදහස් දක්වමින් චීන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා “මේ වන විටත් චීන රජයේ නිලධාරින් කණ්ඩායමක් පැමිණ ඒ පිළිබඳව ශක්‍යතා අධ්‍යනයක් සිදු කොට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්” ප්‍රකාශ කළේය.

සැම වසරකම චීනය හා ශ්‍රී ලංකාව අතර පවත්වාගෙන යන තරුණ දේශපාලඥයන්ගේ හුවමාරු වැඩසටහන පිළිබඳව මෙහිදී සාකච්ච්ජා වූ අතර චීන රජයේ ආධාරා යටතේ ඉදි කෙරෙන හම්බන්තොට වරායේ දෙවන අදියර කදිනනින් ආරම්භ කිරීමට කටකුතු කරන ලෙසටද ශ්‍රී ලංකා ජනාධිපතිතුමන් විසින් ලිවූ සෙන්මින් මහතාට ප්‍රකාශ කර සිටියේය.