චීනයේ වයස අවුරුදු 20 ට අඩු තරුණ ජනගහනයෙන් තුනෙන් එකක් දුම්පානය නිසා අඩු වයසින් මියයාමේ අවදානමක් පවතින බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
චීනයේ දුම්පානය කරන පිරිමි පුද්ගලයන්ගෙන් තුනෙන් දෙකක් වයස අවුරුදු 20 සපිරීමට පෙර ඒ සදහා හුරුවන බවයි සුප්‍රකට ලැන්සෙට් වෛද්‍ය සඟරාව පවසන්නේ.
එරට දුම්පානය පිළිබඳ චර්යාවන් සම්බන්ධයෙන් මෙම සමීක්ෂණය වසර 15 ක් තිස්සේ සිදුකර ඇත.
ඒ සඳහා පුද්ගපගයින් රැසත් යොදා ගෙන ඇති බවද සඳහන්.