මුහුණුපොතට අලුතෙන්ම එක්වෙන දේ

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ මිතුරු මිතුරියන් පළ කරන විවිධ අංගයන් සඳහා ප්‍රතිචාර දැක්වීමේදී එයට ‘Like’ එකක් දැමීම බොහෝදෙනා විසින් සිදුකරයි.

මෙම අත්දැකීම තවත් වර්ධනය කරමින් ‘Like’ බොත්තමට තවත් ඉමොජි (Emoji) 6ක් එක් කිරීමට එම වෙබ් අඩවිය පියවර ගෙන තිබේ.

Like බොත්තම මද වේලාවක් ඔබාගෙන සිටි පසු ඔබට එම ඉමොජි 6 දක්නට ලැබෙනවා ඇත.

මෙම ඉමොජි 6 තේරීමේදී ෆේස්බුක් පරීශීලනය කරන්නන් විසින් වැඩි වශයෙන් භාවිතා කරන අදහස් සහ සළකුණු සැළකිල්ලට ගෙන තිබේ.

තවමත් අත්හදාබලමින් පවතින මෙම නව අංගය මේ වනවිට ස්පාඤ්ඤයේ සහ අයර්ලන්තයේ ෆේස්බුක් පරිශීලකයන් සඳහා ලබාදී තිබේ.