ලලිත්-අනුෂ අත්අඩංගුවට නොගන්නේ ඇයි?

රුපියල් මිලියන 600කට ආසන්න මුදලක් අවභාවිතා කල සැකකරුවන් වන හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන අය අත්අඩංගුවට නොගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු වාර්තා කරන්නැයි මුල්‍ය අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති ඊයේ(08) දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කලේය.
පොදු දේපල පනත යටතේ සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට හා සැකකැරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාව තිබියදීත් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය එසේ නොකර 2015.10.07 වන දින කොළඹ මහ අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හැර තිබීම නීතිය සැමට සාධාරණ ලෙස ක්‍රියාත්මක විය යුතු බවට අභියෝගයක් බවත් අධිකරණ සංවිධාන පනත මගින් මහේස්ත්‍රාත් අධිකරණය සතු බලය යටපත් නොකොට ‍මෙම නඩුවේ සාක්ෂිකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ ස්ථානාධිපතිට අධිකරණයේ පෙනී සිට කරුණු දැක්වීමට නොතීසි නිකුත් කර තිබේ.