මව්බිම සුරැකීමේ ජාතික ව්‍යාපාරය

‘මව්බිම සුරැකීමේ ජාතික ව්‍යාපාරය’ බිහිව තිබේ. නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති විශේෂ සාකච්ඡවකින් අනතුරුව මෙම ජාතික ව්‍යාපාරය නිල වශයෙන් පිහිටුවා ගෙන ඇත.

ජූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමි, ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නාහිමි, සරත් හෙට්ටිආරච්චි පියතුමා යන පිරිස මව්බිම සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ පැවිදි අනුශාසක මණ්ඩලයට අයත්ය.

මෙම ජාතික ව්‍යාපාරයේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන, ලේකම් ලෙස මහාචාර්ය ජී. එල්. පිරිස්, ජාතික සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ යන මහත්වරු පත්ව සිටිති.

එසේම මව්බිම සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සංස්කෘතික කටයුතු ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල, පරිපාලන ලේකම් ලෙස ගෙවිඳු කුමාරතුංග, භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණි ලොකුගේ යන මහත්වරු ද තේරී පත්වූහ.

මෙම ජාතික ව්‍යාපාරයෙන් නුදුරේදී රටපුරා සමුළු මාලාවක් පැවැත්වීමටද තීරණය කොට ඇත. ජාතිය මුහුණ පා ඇති අවදානමෙන් ගලවා ගැනීම සඳහා තම ජාතික ව්‍යාපාරය සමග අත්වැල් බැඳගන්නා ලෙස මව්බිම සුරුකීමේ ජාතික ව්‍යාපාරය දේශමාමක දෙස්-විදෙස් ශ‍්‍රී ලාංකිකයන් වෙතින් ඉල්ලා සිටී.

විමල් වීරවංශ(පා.ම)
ජාතික සංවිධායක,
මව්බිම සුරැකීමේ ජාතික ව්‍යාපාරය