වැඩිපුර මසුරු දිළින්දන්ද?

මුදල් වලට වැඩිපුර මසුරු වන්නේ දිළින්දන්ද ධනවතුන්ද යන්න සොයා බැලීම සඳහා ලොස් ඇන්ජලීස්හි පුද්ගලයකු විසින් කදිම සමාජ පර්යේෂණයක් සිදුකර ඇත.

ඇස් රතු වන විහිළු කරන්නෙකු සහ යූටියුබ් ක‍්‍රියාකාරිකයකු වන ජැග් සිං විසින් මෙය සිදුකර ඇති අතර අව් කණ්නාඩි දෙකක් පැළඳ සැරයටියක්ද සමග තමන් අත ඇති ලොතරැයි ටිකට්පතට දිනුමක් ඇදී ඇතිදැයි බලන ලෙස ඔහු මහමග ගමන් කරන්නන්ගෙන් ඉල්ලා සිටී.

ලොතරැයි ටිකට්පතට ඩොලර් 500ක දිනුමක් ලැබී ඇති අතර මෙය දකින පුද්ගලයින් අන්ධ පුද්ගලයකු ඉදිරියේ අවංක වන නොවන ආකාරය රහසිගත කැමරාවක් මගින් වීඩියෝගත කර ඇතැයි පැවසේ.

මෙහිදී අනාවරණය වී ඇත්තේ නිවෙස් අහිමි වීදි වැසියන් ආදී ඉතාමත් දිළිඳු පුද්ගලයින බොහෝ සෙයින් අවංකව සිං වෙත සත්‍යය පවසා ඇති බවයි.

ඔවුන් අන්ධ පුද්ගලයාගේ වාසනාව පිළිබඳව සැබැවින්ම තුටු වූ බවද දක්නට ලැබී තිබේ.  කෙසේවෙතත් ලොස් ඇන්ජලීස්හි ධනවත් ප‍්‍රදේශයන්හිදී ප‍්‍රතිඵලය තරමක් වෙනස්වී ඇති අතර ඇතැමෙක් ජය ලැබූ ලොතරැයි ටිකට්පත රැගෙන යද්දී තවත් කෙනෙකු එය වැඩක් නැති හෙයින් විසි කර දමන ලෙසට ජැග් සිං දිරිමත් කරනු කැමරා කාචයේ සටහන්වී ඇත.

අවංකවූ දිළිඳු පුද්ගලයින්ට ඩොලර් 10ක ත්‍යාගයක්ද ඔහු විසින් ලබාදී ඇති අතර ඉන් එක් අයකු පවසා ඇත්තේ මුදල් නොමැති හෙයින් පෙර දින සිට කුසගින්නේ සිටි බවයි.