ශ්‍රීලංකා පත්‍ර කලා සංගමය 60 සමරයි

ශ්‍රී ලංකා පත්‍ර කළා සංගමයේ 60 වැනි සංවත්සර උත්සවය ඊයේ (09) දින පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

මෙහිදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදින් 10 දෙනෙකුට අති ගරු ජනපතිතුමන් අතින් සම්මාන ප්‍රධානය කෙරුණි.

ප්‍රවීන චිත්‍ර ශිල්පී තිලක් කලුලියනගේ මහතා විසින් එම අවස්ථාවේදීම සිතුවම් කරන ලද ජනපතිතුමන්ගේ රුවැති සිතුවමක් එතුමන් වෙත තිලින කිරීමද මෙහිදී සිදු විය.

මෙම අවස්ථාවට පැමිණ සිටි අරාදිතයන් අතර ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් සහ ශ්‍රී ලංකා පත්‍ර කල සංගමයේ සභාපති, ජාතික සංවිදායක ඇතුළු එහි සාමාජිකයන්ද විය. ඉන්දීය වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජිකයන්ද මේ හා එක්ව සිටියහ.