දුක්‌ මහන්සිවෙලා වාහනයක්‌ ගත්තා

කට ඇති පුතයි රුව ඇති දුවයි වාසනාවන් කියනවනේ…. රුව ඇති දුවක්‌ කටකාරියක්‌ උනොතින්….. ඇයත් අන්න ඒ වගේ. රුවැත්තියක්‌ කටකාරියක්‌ ඒ විතරක්‌ නෙවෙයි නටන්න, ගයන්න, රඟන්න උපන් හපනියක්‌…. ඇය නමින් යුරේනි නොෂිකා.

11755694_10153446245359906_722307220961708593_n

music vedio එකකට ඇයි මෙච්චර කැපවෙලා… ?

මං කොහොමත් කරන දේ කැපවෙලා කරන කෙනෙක්‌. අනික කොහොමත් ඉතින් මේක මගේම සිංදුවට කරන music vedio එක නිසා විශේෂත්වයකුත් තියෙනවා.

යුරේනිගේම සින්දුවක්‌. ?

ඔව්… මගේම කියලා අලුතින්ම කරන ගීතයක්‌. Lyrics මනුරංග විඡේසේකර. music අශාන් ප්‍රභාත්. මං කලින් කරපු චාටු දාල ගීතය මගේ තනි නිර්මාණයක්‌ නෙවෙයි. මේ අලුත් ගීතය මගේ තනි නිර්මාණයක්‌. කොල්ලෙක්‌ නැති කෙල්ලෙක්‌ කියන, කොල්ලෙක්‌ ලැබෙන්න කියල කියන ගීතයක්‌.

ඉතිං ඇත්තටම කොල්ලෙක්‌ නැද්ද..

නෑනේ… මේ සින්දුවෙන් පස්‌සෙවත් ලැබෙයිද බලමුකෝ…

මොනවගේ කෙනෙක්‌වද බලාපොරොත්තු වෙන්නේ…

ඇද කුද හොයන්නේ නැතුව හම්බවෙන ඕන කෙනෙක්‌ බාරගන්නවා.

ඔය කියන කෙනා ලැබුණම මොනවගේ විවාහ උත්සවයක්‌ද පවත්වන්න හිතාගෙන ඉන්නේ…

අම්මෝ… හරිම චාම්, පුංචිම පුංචි wedding එකක්‌ වෙයි ඒක. ඇත්තටම කියනවා නම් 50 ක්‌ වත් සෙනග ඉන්න එකක්‌ නෑ.

ඇයි ඒ..

මට ඕන මගේ ජීවිතේ special moments, මට special මාව special කට්‌ටිය එක්‌ක විතරක්‌ බෙදාගන්න. එක නිසා මට ළඟම මට හිතවත්ම කට්‌ටිය කීපදෙනෙක්‌ විතරක්‌ ඉඳීවි මගේ wedding එකේ. මොකද ලෝකෙට පේන්න වැඩ කරන කෙනෙක්‌ නෙමෙයි මං. කොටින්ම කියනවා නම් මගේ wedding එක ලංකාවේ කව්රුත්ම දැනගන්න එකක්‌ නෑ.

එදාට මනාලියක්‌ විදිහට හැඩවෙන්න හිතුවේ…

බටහිර මනාලියක්‌ විදිහට හැඩවෙන්න, සැරසෙන්න තමයි මං කැමති.

දැන් ඔයා ගායිකාවක්‌ වෙන්න හදන්නේ මොකද රඟපාන එක ඇතිවෙලාද….

අපෝ නෑ… රඟපෑමට තමයි මං ආසම.. එත් ඉතිං තරුණ වයසට හැමදේම කරලා බලන්න ඕනනේ. ගීතයක්‌ ගායනා කරලත් බලමු ඉතිං..

පහුගිය දවස්‌වල යුරේනිගේ වීඩියෝවක්‌ වෙබ් අඩවිවල සෑහෙන කතා බහට ලක්‌වුණා නේද…

ඒ ගැන කිසිම දෙයක්‌ කතාකරන්න මං කැමති නෑ…

යුරේනි අලුතින්ම වාහනයක්‌ ගත්තා කියන කාරණාව ගැනත් බොහෝ දෙනෙක්‌ කතා කරනවා..

ඔව්.. මං වාහනයක්‌ ගත්තා. හැබැයි ඒ මං දුක්‌ මහන්සිවෙලා හම්බකරපු සල්ලි වලින්.. මං ක්‌ෂේත්‍රයට ඇවිල්ලා දැන් අවුරුදු අටක්‌. ඒකෙන් අවුරුදු හතක්‌ම මං වාහනයක්‌ නැතුව හිටියා. ඒත් කව්රුත් මට වාහනයක්‌ නැති එක ගැන හොයලා බැලුවේ නෑ. හැබැයි මං දුක්‌ විඳලා loan දාල වාහනයක්‌ ගත්තම ඒක ප්‍රශ්නයක්‌. මං හෙමින් ගමනක්‌ යන කෙනෙක්‌. මං මුලින් ගන්න හිතන් හිටියේ ගෙයක්‌. ඒත් අන්තිමට ඒ තීරණය ටිකක්‌ වෙනස්‌ වෙලා මං වාහනයක්‌ ගත්තා. අනික මං ඔය කෙටි පාරවල්වලින් හම්බකරපු කෙනෙක්‌නම් field එකට ඇවිත් මාස දෙක තුනක්‌ යනකොට ගෙවල් අරං BMW පදින්න ඕන. මං හරි විදිහට මගේ ගමන යන නිසයි අවුරුදු අටක්‌ ගිහිල්ලත් ක්‌ෂේත්‍රයට මෙච්චර අලුත් කට්‌ටිය ඇවිල්ලත් මට සාර්ථකව ක්‌ෂේත්‍රයේ ඉන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ.

ළඟදී විදෙස්‌ සංචාරයක්‌ තියෙනවා නේද?

ඔව්… හැබැයි ඒක පුද්ගලික විදේශීය සංචාරයක්‌. කොටින්ම මං යන්නේ වන්දනා ගමනක්‌.

තරුණ වයසේදීම ?

සමාජයට පේන සමාජය දකින කෙනාට වැඩිය යුරේනි ගොඩක්‌ වෙනස්‌ කෙනෙක්‌. මාධ්‍යය ලෝකයට පේන කෙනා නෙමෙයි මං. ස්‌වභාවධර්මයට දෙවියන්ට හුඟක්‌ ළඟ කෙනෙක්‌ මම. මං ගැන දන්නේ මට ළඟින්ම ඉන්න මගේම අය විතරයි.

අර මුලදී කියපු විදිහට සිංදුව කළාට පස්‌සේ තරුණයෙක්‌ හම්බවුණොත් බඳිනවාද?

අපෝ නෑ දැන්ම නං බඳින්න බෑ. මං තාම ජීවිතේ පටන් ගත්තා විතරයි. බැඳලා කොටුවෙන්න මට බෑ. husband ළමයි බලාගෙන ඒ අය වෙනුවෙන් කැපවෙන්න මං තාම ලෑස්‌ති නෑ

කොහොමද business වැඩ?

YN collection කියලා මං පටන් ගත්ත පාවහන් ව්‍යාපාරය ගැන පසුගිය දවස්‌ ටිකේ නම් බලන්න බැරි වුණා තමයි. ඒත් ඉස්‌සරහට ඒ ගැන හොයලා බලලා කටයුතු කරන්න ඕනෑ

මේ දවස්‌වල දේශපාලනය හොඳ මාතෘකාවක්‌ නේද?

ඒ ගැන අපි කතා නොකරම ඉමු. මං ආස නැති මාතෘකාවක්‌ ඒක

එතකොට කවුරු හරි යුරේනිටත් ඡන්දේ ඉල්ලන්න කිව්වොත් ?

පරිප්පුයි බතුයි කාලා හිටියත් දේශපාලනේ නම් එපා.

yureni11755694_10153446245359906_722307220961708593_nYureni Noshika_actresslk.com-0813

යුගන්ති යශෝදරා