බොලිවුඩයේ අලුත්ම තරුව “ජාන්වී කපුර් ” ?

බොලිවුඩ් සිනමාවේ ප්‍රවීන නිලි ශ්‍රී දේවි සහ ප්‍රවීන නිෂ්පාදක බෝනි කපුර්ගේ සුරූපී දියණිය ඉන්දීය සිනමාවේ නුදුරේදීම තරාවක් වනු ඇති. හිරිමල් යවුවනයේ පසුවන මේ සුරුපිනිය සිනමාවට එක්වීමට බොහෝ ආසාවෙන් කල් යල් බලමින් සිටියා.

ඇය නමින් ජාන්වී කපුර්. කේ.වී. විජයේන්ද්‍ර ප්‍රසාද් අධ්‍යක්‍ෂණය කරන ආදර කතාවක් මුල්කරගත් සුන්දර චිත්‍රපටයකට ඇයට ආරාධනා ලැබුනා. මේ ආදර කතාවේ ජන්විගේ පෙම්වතා ලෙස මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළුවෙකු වන දුල්කර් සලමන් රඟපෑමෙන් එක්වෙනවා.

තවමත් චිත්‍රපටයේ නම හෙලිවී නැතත් හින්දි, දෙමල, මලයාලම් හා තෙලිඟු භාෂා වලින් මෙහි දෙබස් ගැන්වී ඇතිබව සඳහන් වෙනවා.

මුල් වරට ජන්වී ඉන්දීය මාධ්‍යයට ඇස ගැසුනේ ශ්‍රී දේවි රඟපෑ English  Vinglish චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වුන දිනයේදීයි. එදින ශ්‍රී දේවි සමග උත්සව අවස්ථාවට පැමිණ සිටි ජාන්වී මාධ්‍යයන්ගේ පමණක් නොවෙයි පැමිණ සිටි සියලු දෙනාගේ අවධානයට ලක් වුණා.

1997 වසරේ උපත ලද ජාන්වී තවමත් වයස අවුරුදු 18 ක යුවතියක්.

සිනමා පවුලකින් පවත එන නවක නිලියක් ලෙස ජාන්වී වැදගත් ගමනක් යනු ඇතැයි විචාරකන් අදහස් දක්වන අතරම ඇය ඉන්දීය සිනමාවේ තරුවක් වනු ඇතැයි අදහස් පල කෙරෙනවා.

 

5992_yog_3996 10549228_904390576255063_4920708061896949277_o10419398_904388959588558_4078232405148734200_n    10616360_904391329588321_4165860424464244233_njhanvi_story_650_032814104035 10628507_904389649588489_3841894533765324552_nJhanvi-Kapoor will-sridevis-daughter-jhanvi-kapoor-make-her-film-debut-soonjhanvi-kapoor-wisdom-a-charity-play_137696883610