කතානායක කතාව.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලිය පාර්ලිමේන්තු සමුළුව සඳහා  සහභාගී වුයේ කථානායක කරු ජයසුරිය මහතායි.
මෙවර සමුළුවට පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල කථානායකවරුන්ගේ ඉහල සහභාගීත්වයක් ලැබී තිබුනී. මේ අතර 2012 වසරේ ශ්‍රී ලංකාවේ පැවති සමුළුවට සහභාගී වු බොහෝ දෙනෙක් ද වුහ.
සමුළුවේදී ශ්‍රී ලංකාවේ නව කථානායකවරයාට ලැබුනේ ඉතා උණුසුම් සහ සුහඳ පිළිගැනීමකී.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන නව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පිළිබඳව බොහෝ තොරතුරු අපේ කථානායක වරයාගෙන් සමුළු නියෝජිතයෝ විමසා සිටියහ.
ශ්‍රි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරිමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන මෙන් ඔවුන් මෙහිදී දන්වා සිටියේය. එමෙන්ම සිය රටටවල සංචාරය සදහා පැමිණෙන ලෙසද නව කථානායක වරයාට ඇරයුම් ලැබිණි. කරු ජයසුරිය මහතා ඊට  ප්‍රතිචාර දක්වමින් “නව කොමිසන් සභා ස්ථාපිත කිරිම ඇතුළු වැඩකටයුතු රාශියක් යෙදී ඇති බැවින් දැනට විදේශ සංචාර හැකි තරම් සීමා කිරීමට තමා අදහස් කර සිටින බැවින් එම නියෝජිතයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය සදහා කරන ලෙස ආරාධනා කිරීමෙනි”.

මේ අතර, බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් සංගම් නියෝජිත පිරිසක් ද පැමිණ කරු ජයසුරිය මහතා හමුවිය. ශ්‍රී ලංකාවේ නව දේශපාලන වෙනස්කම් පිලිබඳව ඔවුන් බෙහෙවින් උනන්දු වු අතර, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරිම සදහා ගනු ලබන ක්‍රීයා මාර්ග වලට උපරිම සහාය දැක්වීමට ඔවුහු පොරොන්දු වුහ.

බදාදා පාර්ලිමේන්තුව ආරම්භයේදීම උණුසුම් මුහුණුවරක් ගත්තේය. එක්සත් ජනතා නිදහස් සංධානයේ කොටස්කාර පක්ෂ වලට ද අනෙකුත් දේශපාලන පක්ෂ වලට සාපේක්ෂව පාර්ලිමේන්තුවේ කථා කිරිමේ ඉඩකඩ ලබාදෙන ලෙස විමල් වීරවංශ මන්ත්‍රිවරයා කළ ඉල්ලීමට සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රතිචාරය වූයේ පාර්ලිමේන්තුව පිළිගෙන ඇත්තේ ප්‍රධාන පක්ෂ 6ක් පමණක් බැවින් එම පක්ෂ ඇතුලේ තිබෙන අනෙකුත් පක්ෂ වලට සමාන ඉඩක් ලබාදිය නොහැකි බවයි. අවසාන තීරණය කථානායක වරයා භාරවිය. කරු ජයසූරිය මහතා කීවේ මම කවදත් කථාකිරීමේ අයිතියට ගරු කළා. අපත් ඒ වෙනුවෙන් හඩ නගපු අය. මම සියළු දෙනාට පොරොන්දු වෙනවා සම්ප්‍රදායට අනූව කටයුතු කර අවශ්‍ය තීරණය දෙන බව යනුයෙනි.

මේ අතර බ්‍රහස්පතින්දා දින ද පාර්ලිමේන්තුව යෙදුන අතර ඊට පෙර කථානායක වරයා විශ්‍රාමික ජාතික දින උළෙලට සහභාගි වුයේ ප්‍රධාන ආරාධිතයා ලෙසනි. මේ අවස්ථාවට රාජ්‍ය පරිපාලන හා කළමනාකරන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන ද එක්වූහ.

මේ අතර කථානායකකරු ජයසුරිය මහතා කියා සිටියේ ව විශ්‍රාමිකයින්ට ආත්ම අභිමානයෙන් යුක්තව ජිවත් වීමට ඉඩකඩ සැලසීම රටක සදාචාරය පිළිඹිබු කරන බවයි.