ඥානසාර හිමියන්ට වරෙන්තු

බොදු බල සේනා සංවිධානයේ මහ ලේඛම් පුජ්‍ය ගලගොඩඇත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කරන ලදී.

ඉස්ලාම් භක්තිකයන්ගේ කුරාණයට අපහාස කරමින් ජාතික බල සේනාවේ මාධ්‍ය හමුවකට බාධා කලා යැයි සිද්ධිය සම්බන්ධව අධිකරණයේ පෙනිසිටීමට ලබා දුන් නියෝගය පැහැර හැරීම සම්බන්ධව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ඊයේ(12) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරේන්තු නිකුත් කර ඇත.

අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඥානසාර හිමියන් සහ තවත් ස්වාමින් වහන්සේලා තුන් නමකට මෙම නියෝගය නිකුත් කර ඇත.