මහවලි මහසෑ වඳපුදා ගත් ප්‍රථම ජනපති

මහවලි මහ සෑරදුන් වඳ පුදා ගත් මෙරට ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (11) කොත්මලේ පිහිටි මහවැලි මහ සෑරදුන් වැඳපුදා ගැනීමට එක්විය.

කොත්මලේ ඊයේ පැවති  “වන රෝපා” රුක් රෝපණ ජාතික වැඩසටහනෙන් අනතුරුව ජනාධිපතිතුමා මෙසේ මහවැලි මහසෑය වැඳපුදා ගත්තේය.

මේ මහවැලි මහ සෑ විහාරාධිපති පූජ්‍ය තිස්පනේ ජිනානන්ද හිමියන්ගේ සුවදුක් විමසු ජනාධිපතිතුමා අනතුරුව ආගමික වතාවත්වල නිරත අතර එම විහාරස්ථ දහම් පාසල් දරු දැරියන් විසින් මහත් හරසරින් එතුමන් පිළිගනු ලැබිණි.

දහම් පාසල් දරු දැරියන් සමග සුහද කතා බහක නිරත වූ ජනාධිපතිතුමා විහාරස්ථානයේ කෙරෙමින් පවතින ඉදිකිරීම් කටයුතු පිළිබදව ද නිරීක්ෂණය කළේය.

ඉන් අනතුරුව ජනාධිපතිතුමා විසින් කොත්මලේ ජලාශයේ නීරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

මෙම අවස්ථාවට අමාත්‍ය නවීන් දිසානායක, අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න ඇතුළු මහත්වරුන් පිරිසක් සහභාගී වූහ.