“රැහුල් හක් දුන් වාර්තා පරස්පරයි”

කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවා හා එක්දරු පියා සම්බන්ධව මීගමුව වෛද්‍ය නිළධාරී රැහුල් හක් මහතා ලබා දුන් අධිකරණ වෛද්‍ය වාර්තාව පිලිබදව පවතින පරස්පරයන් හේතුවෙන් ඒ පිලිබදව මානව හිමිකම් කොමිසම ඔහුගෙන් ප්‍රශ්න කරයි.

මානව හිමිකම් කොමිසම මෙම තීරණය ගෙන ඇත්තේ 17 හැවිරිදි පාසල් සිසුවා අත්අඩංගුවට ගැනීම පිලිබදව ශ්‍රී ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසෆ් ස්ටාලින් මහතා විසින් එම සිසුවා පොලිස් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව මුලික අයිතිවාසිකම් කඩවී ඇති බව සදහන් කරමින් මානව හිමිකම් කොමිසන් සභාවට ගොනු කරන ලද පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදීය.

මේ සිද්ධිය සම්බන්ධව පරික්ෂණ සිදු කරන මානව හිමිකම් කොමිෂන් සභාව, මේ වන විට කොටදෙනියාව පොලිසියේ පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබේ.