දේශපාලන සිරකරුවන් නිදහස් කළයුතුයි

සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස බලකරමින් අද (14) උදෑසන සම අයිතිය ව්‍යාපාරය මගින් සංවිධානය කරනු ලැබූ නිහඬ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රිය පොළ අසලදී පැවැත්විණි.

එහිදී දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් සිරකරුවන්ගේ ඥාතීන් විසින් අත්සන් කරන ලද පෙත්සමක්ද ජනාධිපතිවරයා වෙත බාර දී තිබේ.

සම අයිතිය ව්‍යාපාරය වෙනුවෙන් අදහස් දැක්වූ සංජිව බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ විවිධ බන්ධනාගාරවල දේශපාලන සිරකරුවන් 300ට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට රදවාගෙන සිටින බවයි. ජාතිවාදය වපුරා යුද්ධයකට මග පෑදු දේශපාලකයින් නිදහසේ සිටියදී යුද්ධයෙන් බැට කැ දමිළ පීඩිතයා මෙලෙස රදවාගෙන තව තවත් පිඩාවට පත් කිරීම අසාධාරණ බැවින් මේ සියලු දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

DSC_3005 DSC_3021 protest