දයා සහ අනෝමා, සියයකගේ ඇස් පාදයි..

“දයා සරණ සංවර්ධන පදනම” මඟින් සංවිධාන කළ අක්ෂි කාච බද්ධ කිරීමේ වැඩසටහන අඛන්ඩව තුන්වන වරටත් අම්පාර, කාත්තන්කුඩි රෝහලේ දී ඔක්තෝබර් 12, 13 සහ 14 යන තෙදින පුරා පැවැත්විණි.

අම්පාර දිස්ත්‍රික්කයේ අක්ෂි දුර්වලතාවලින් පීඩාවට පත්ව සිටි සියයකට වැඩි පිරිසකට මෙම වැඩසටහනේ දී අක්ෂි කාච බද්ධ කිරීම සිදු විය.

මීට සමගාමීව නොමිලයේ අක්ෂි සායනයක් ද සංවිධාන කර තිබිණි.

එම සායනයෙන් විවිධ අක්ෂි දෝෂ ඇති පුද්ගලයින් විශාල ප්‍රමාණයක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට එක්ව සිටියහ.

ඛණිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේගේ ඉල්ලීම පරිදි පාකිස්තානයේ සිට පැමිණි විශේෂඥ අක්ෂි වෛද්‍ය කන්ඩායමක් විසින් මෙම අක්ෂි සායනය පැවැත්වීය.

අක්ෂි සායනය හා කාච බද්ධ කිරීමේ වැඩසටහන සඳහා සම්පූර්ණ මුල්‍ය අනුග්‍රහය හා සෙසු පහසුකම් සැපයීම සිදු කරනු ලැබූයේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය ගරු දයා ගමගේ සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ විසිනි.

– භාරත තෙන්නකෝන්