මීගමු මහ රෝහල් නව ගොඩනැගිලි සංකීර්ණය ජනතා අයිතියට

මීගමුව මහ රෝහලේ නව ගොඩනැගිලි සංකීර්ණය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඔක්තෝබර් 12දා  පෙරවරුවේ ජනතා අයිතියට පැවරිනි.

නව වාට්ටු සංකීර්ණය සදහා ඇතුළත් කෙරෙනු පළමු රෝගියා ලියාපදිංචි කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුනු අතර රෝහලේ ළමා වාට්ටුව සදහා රෝගී ජෛව ලක්ෂණ පිරික්සුම් යන්ත්‍රයක් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු විය.

නගරය සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සුධර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය හා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඇතුළු ආරාධිතයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

12119090_10153455040224130_3954771025696169660_n 12144792_10153455039654130_1879859900310793127_n 12115489_10153455039669130_4379241320791180802_n 12109256_10153455038689130_1331072290874355040_n 12096337_10153455039004130_7596655038635089033_n 12079660_10153455038444130_7396422470327420109_n 11222135_10153455039904130_574678479386419832_n