ජාත්‍යන්තර සුදු සැරයටි දිනය සැමරේ.

ජාත්‍යන්තර සුදු සැරයටි දිනය ඇස් නොපෙනන ජන කොටසක් කෙරෙහි ඇස් පෙනෙන බහුතර ජනතාවගේ ඇස් අරවන දිනයක් විය යුතු බව අවධාරණය කල පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ආබාධිත සහිත පුද්ගලයන්ට සාමාන්‍ය පුරවැසියන්ට හිමිවන වරප‍්‍රසාද හා අයිතිවාසිකම් එක සමානව භුක්ති විදීමට හිමිකමක් ඇති බැවින් ඒවා ලබාදීම රජයේ මෙන්ම සමාජයේ වගකීමක් බව ප‍්‍රකාශ කළේය.
ඇමතිවරයා එම අදහස් පළ කලේ ජාත්‍යන්තර සුදු සැරයටි දිනය නිමිත්තෙන් ඊයේ (15)  මොරටුව කටුබැද්ද ජනසෙත ජන කලා කේන්ද්‍රයේ පැවති සැමරුම් දින උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අවස්ථාවේදීය.
මෙම සැමරුම් උළෙල ශී‍්‍ර ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලය මගින් සංවිධානය කර තිබූණි.
මෙම උළෙලේදී දෘශ්‍යාබාධිත උපාධිධාරීන් හා උපාධිධාරීන්ගේ කුසලතා එළි දැක්වීමක්ද බ්‍රේල් මාධ්‍යයෙන් දීප ව්‍යාප්තව පවත්වන ලද සාහිත්‍ය තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානයද සිදු කෙරෙණි.

දිවයින පුරා දෘශ්‍යාබාධිතයන් ලක්ෂ 03කට ආසන්න සංඛ්‍යාවක් ජීවත් වන බව මෙහිදී අනාවරණය විය.
“සිත්, ඇස්, හඩ” ඔක්තෝම්බර් කලාපය මෙහිදී එළි දැක් වූ අතර, ජාත්‍යන්තර සුදු සැරැයටි දිනය සංකේතවත් කරමින් සුදු සැරයටි බෙදා දීම ගයන්ත කරුණාතිලක මහතා අතින් සිදු කෙරෙණි.

“1969 ඔක්තෝම්බර් 15 වැනිදා ගාලූ මුව දොරට රැස් වූ දෙස් විදෙස් දෘශ්‍යාබාධිතයනගේ ඇති කරගත් යෝජනා ශී‍්‍ර ලංකාව විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කලා. එකී යෝජනා පිළිගැනීම නිසා සෑම වසරකම ඔක්තෝම්බර් 15 ජාත්‍යන්තර සුදු සැරැුයටිය නම් කොට මේ දක්වා කි‍්‍රයාත්මක වෙනවා.

දෘශ්‍යාබාධිත වුනත් දෛවය පරාජය කිරීමට නොහැකි වූ විශිෂ්ටයන් රැසක් සිටිනවා. ප‍්‍රථම දෘශ්‍යාබාධිත පුද්ගලයා ඇන්තනී බර්නාඞ් ඒ වගේම ප‍්‍රකට ගායක හෙන්රි කල්දේරා මහතාත් සිහිපත් කල යුතුයි. ජාත්‍යන්තරය ජයගත් හෝමර් සහ ජෝ මිල්ටන් වැනි කවීන් උදාහරණ ලෙස දක්වන්න පුථවන්. ලෝක පූජිත සාහිත්‍යවේෙදී හෙලන් ටේලර් ඇස් නොපෙනන ශ‍්‍රවණ හා කථන අබාධිත ඇති වුවත් ඇය දෘශ්‍යාබාධිත දක්ෂතම සිසුවිය වුනා. .. ” මෙලෙස අදහස් දැක්වූ ගයන්ත කරුණාතිලක මහතා තවදුරත අදහස් දක්වමින් ,…

“ආබාධිත සහිත මෙම පුද්ගලයන් දෙවන ගනයේ පුරවැසියන් ලෙස සැලකීමට රජය කිසිවිට කටයුතු කරන්නේ නැහැ. රටේ සෙසු පුරවැසියන්ට ලැබෙන අයිතිවාසිකම් හා වරප‍්‍රසාද ඔවුන්ටද එක හා සමානව ලබා දීමට රජය වගකීමෙන් කටයුතු කරනවා.

ඒ වගේම දෘශ්‍යාබාධිතයන්ගේ කලා හා අනෙකුත් නිර්මාණ මාධ්‍ය මගින් එළදක්වමින් ඔවුන්ව දිරිමත් කල යුතු වෙනවා. මෙමගින් සමාජයේ අවධානය වැඩි වශයෙන් දිනා ගැනීමට හැකි වන බව මගේ විශ්වාසයයි.

මේ ජනකොටසට අවශ්‍ය වුනයේ සමාජයේ අනුකම්පාවට වඩා උපකාරය හා අවධානයයි. ඔවුන්ට සමාජීය වශයෙන් පුද්ගල ජීවිතයක් තිබෙන බැවින් ගෞරවාන්විතව සැලකිය යුතු වෙනවා. මිනිසෙකු වුවහොත් නැණ නුවණ තිබිය යුතු බව ප‍්‍රකට කියමනක් . මෙහිදි නුවණ ලෙස හදුන්වන්නේ ඇසයි. එහෙත් මේ පිරිසට පෙනීම අහිමි වුනාට ඥානය අතින් බෝහෝ දෙනා අභිබවා යාමට සමත්ව සිටිනවා. අධිෂ්ඨාන සහිත මිනිසෙකු කිසිවිට පරාජය කල නොහැකිි වූ බව කි‍්‍රයාවෙන් රටටම ඔප්පු කර තිබෙනවා යි ප‍්‍රකාශ කළේය.

ශී‍්‍ර ලංකා දෘශ්‍යබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සුගත් වසන්තද සිල්වා එහි ලේකම් ආර්.එම් නුවන් ඉන්දික ,වෛද්‍ය සුදත් ධනුසිංහ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි විය.

1932336_1631761507076920_6325536304350291534_n 12079182_1631760323743705_9138478668718503376_n 12115702_1631760823743655_4795348625497640107_n 12118703_1631760580410346_3705124918517229514_n FB Mahela