ලීලානන්ද ගමාච්චි දිවිසැරියට සමුදෙයි!

ප්‍රවීණ ලේඛකයෙකු, ශාස්ත්‍රඥ්ඥයෙකු, පරිවර්තයෙකු වන ලීලානන්ද ගමාච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද (16) අලුයම රාගම පුද්ගලික රෝහලකදී ජීවිතක්ෂයට පත්වන විට හැත්තෑ නව වන වියේ පසු වූ ඒ මහතා එක්දරු පියෙකි.

ඒ මහතාගේ  දේහය පිළිබඳ අවසන් කටයුතු  ලබන ඉරිදා එනම් ඔක්තෝබර් 18 වන දින සවස 4.00ට ඇල්දෙණිය පොදු සුසාන භූමියේ දී සිදු කෙරෙන බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.