ලෝක ආහාර දිනය අදයි

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ඔක්තෝබර් 16 සෑම වසරකම ලෝක ආහාර දිනය ලෙස සමරනු ලබයි.
මෙලෙස ලෝක ආහාර දිනය සැමරීම 1945 දී ආරම්භ කරන ලදී .එමෙන්ම අද දිනය ආහාර ඉංජිනේරු දිනය ලෙස හැඳින්වේ.1979 නොවැම්බර් මාසයේ පැවැත්වුණු ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 20වැනි සැසිවාරයේදී ලෝකආහාර දිනය (WFD)සාමාජික රටවල් විසින් පිළිගන්නා ලදී  .ගෝලීය සාගින්න හා දරිද්රතාවය පිළිබද විවිධ ගැටළු නිරීක්ෂණය කිරීම හා ඒසදහා විසඳුම් සාකච්ඡාවක් මතුකර ගැනීම උදෙසා එදින සිට පුරුද්දක් වශයෙන් ලොව පුරා රටවල් 150 කට වැඩි  ප්‍රමාණයක් ඔක්තෝබර් 16 ලෝක ආහාර දිනය ලෙස පිලි ගෙන ඇත.
 1981 පටන් සැම වසරකම එම වසරට අනන්‍ය වූ තේමාවක් මුල් කර ගනිමින් විවිධ පාටමාළා හා ක්‍රියා පිළිවෙත් දියත් කරමින් මෙම දිනය සැමරේ. බොහෝ වසරයන් වල තේමාව කෘෂිකර්මාන්තය මුල් කර ගනිමින් නිර්මාණය වී ඇති අතර ලෝක ආහාර අවශ්‍යතාවය සපුරාලීම උදෙසා මුලිකවම කෘෂිකර්මාන්තය වැදගත් කොටසක් හිමි කර ගැනීම ඊට හේතු විය. එමෙන්ම අධ්යාපන හා සෞඛ්ය අංශ කෙරෙහිද මෙම තේමාවන් යම් තරමකින් හෝ සමීප වන්නේ ආහාර අවශාතාවය සපුරාලීමේ ආනාගත බලාපොරොත්තුව උදෙසා ලෝක අධ්යාපන හාසෞඛ්ය අංශවලද බලපෑමක් අති නිසාය. 
මානව ශිෂ්ටාචාරයේ කොඳු නාරටිය හා සමාන වන කෘෂිකර්මාන්තය ඇදවැටෙමින් පැවතීම මේ වන විට ලෝක ආහාර අර්බුධය තවදුරටත් උභාතොකොටිකයක් බවට පත් කිරීමට සමත්ව ඇත. පසුගිය වසර 20ක පමණ කාලයක් තිස්සේ විදේශ ආධාර හා ආයෝජන පිපාසිතව ගොඩ නැගෙන ලෝක කෘෂිකර්මාන්තය හේතුවෙන් ලෝක ආහාර සැපයුම වේගවත්ව පරිහානියට පත්වන බව FAO ප්‍රකාශ කර සිටි.
ලතින් ඇමෙරිකාව මෙක්සිකෝව ආදී රටවල් 2005 සිට ක්‍රියාත්මක කරන "NO HUNGER" ව්‍යාපාරය සාර්ථකව තම දැනුවත් කිරීම් වැඩසටහන් වලට අමතරව ආසියාතික බංගලාදේශ රජයද විවිද සැමරුම්, පෙළපාලි, දේශන, සම්මන්ත්‍රණ ආදිය සංවිදානය කරනු දැක ගත හැක.

කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂි කාර්ම සංවිධානය අදහස් දක්වන ආකාරයට නුදුරු අනාගතයේ ගෝලීය ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම පිළිබඳව මතුවන අර්බුදය අවම කර ගැනීමට නම් දැනට ක්‍රියාත්මක වනවාට වැඩ බොහෝ සෙයින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් පුළුල් විය යුතුය.