ශුක්‍ර හීනතාවය

දරුවන් නොලැබීමට පුරුෂයන්ගේ ශුක‍්‍ර හීනතාවය බලපානවා – කොළඹ විශ්වවිද්‍යාලයේ දේශිය වෛද්‍ය විද්‍යාතනයේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කාන්තා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය, ආචාර්ය දයානි සිරිවර්ධන

පිරිමි මදසරුභාවය
ඕනෑම කාන්තාවක් මවක් වීම තුළින් ලබන්නේ අසීමිත සතුටකි. නමුත් මේ සතුට අත් විඳින්නට නොහැකි වන කාන්තාවන් බොහෝ සිටියි. වර්තමානයේ පවතින ජීවන රටාවත් සමඟ ඇයට සිදුව ඇත්තේ ශාරීරිකව හා මානසික පීඩනයකින් ජීවිතය ගෙවීමටයි. මෙවැනි හේතු නිසා ගිලිහී යන මව් පදවිය, පසුගිය සතියේ ඉදිරිපත් කළ කරුණු ඉවහල් කර ගනිමින් යළි සකසා ගැනීමට පුරුෂ පක්ෂයෙන් ලැබෙන සහයෝගය කෙබඳු ද යන්න දැන ගැනීම වඩාත් උචිතයි. අද ලිපියේ අරමුණු වන්නේ පුරුෂ පක්ෂයෙන් ලැබෙන සහයෝගීතාව මෙන්ම ඔවුන්ගේ මදසරුභාවය හා ඒ සඳහා ගත හැකි ප‍්‍රතිකාර විධියි.

මල්වර වීම
මල්වර විම තුළින් දරුවකු ලබාදීමට සුදුසු තත්ත්වයක් ඇති බව කාන්තාවක කියාපානවා වගේම දරුවකු පිළිසිඳ ගැනීමට අවශ්‍ය පුරුෂයාගෙන් පිටවන ශුක‍්‍රාණු සරු ශුක‍්‍ර තරල වීම ඉතා වැදගත්ය. එසේම මෙම සරු බව උපරිමයෙන් තිබිය යුතුයි. ද්විතියික ලිංගික ලක්ෂණ පහළ විය යුතුයි. කටහඬ රළු වීම, රැුවුල ඇතිවීම, උරහිස පළල් වීම, රහසඟ ප‍්‍රදේශයේ රෝම වර්ධනය වීම සහ ලිංගේන්ද්‍රිය වයසට ගැලපෙන අයුරින් ප‍්‍රමාණාත්මකව විශාල වීම වැනි ලක්ෂණ පුරුෂයෙකුට දරුවකු ලබාදීමට හැකි ලක්ෂණ වේ. මේ අතුරින් ඉතා වැදගත් වන කරුණ වන්නේ ශුක‍්‍රාණුවල ඇති නීරෝගීතාවය හා සරු බවයි.

ශුක‍්‍ර තරල සරු බව
ආයුර්වේද ක‍්‍රමය අනුව විවාහ වීම සඳහා පුරුෂයෙකුට සුදුසුම වයස ලෙස සැලකිය හැක්කේ අවුරුදු 25 බව පැවසේ. ශුක‍්‍රාණුවල උපරිම පරිණතභාවය (සරුබව* ළඟා කර ගත හැක්කේ එම වයස් සීමාවෙන් පසුවයි.

කාන්තාවක් අවුරුදු 16න් පසු යුවතියක් ලෙස පිළිගැනෙන අතර දරුවන් ලැබීමට අවුරුදු 18 පසු කළ යුතු බව ආයුර්වේදයේ සඳහන් වේ.

පරිණත ශුක‍්‍රාණු පිටවීම
නිසි වයසේ නීරෝගී පුරුෂයෙකුගෙන් පිටවන්නේ හොඳින් උපරිම ලෙස පරිණත වූ ශුක‍්‍රාණුයි. එකවරකදී පිට කරන ශුක‍්‍රාණුවල සාමාන්‍ය අගය මිලියන 60ක් හෝ ඊට වැඩි විය යුතුයි. එහි ප‍්‍රමාණය ලෙස මිලි ලීටර් 3 -4ක් වැනි බරකට ශුක‍්‍රාණු පිටවීම සිදු වේ. ශුක‍්‍රාණු වේගයෙන් පීනාගෙන යන ශක්තිය 50%කට වඩා වැඩි අගයක් ගනී නම් එය වඩා හොඳ ශුක‍්‍රාණු තරලයක් ලෙස සැලකිය හැකියි.

සාමාන්‍ය ශුක‍්‍රාණු කොටස් 3කි
1. හිස 2. කඳ 3. වලිගය

මේ කොටස් 3ම නීරෝගී නම් සාමාන්‍ය සරු ශුක‍්‍රාණු ලෙස ගත හැකියි. මින් එක් කොටසක් හෝ අඩු පාඩු සහිතව දුර්වල වී නම් ඒවා අසාමාන්‍ය ශුක‍්‍රාණුවක් ලෙස නම් කෙරේ. මදසරුභාවය මේ අසාමාන්‍ය ශුක‍්‍ර තරල නිකුත් වීම නිසා ඇති වේ.

 

images

අසාමාන්‍ය ශුක‍්‍රාණු ඇතිවීමට හේතු
දෛනික ජීවිතයේ කරන ක‍්‍රියාවන්, දේශගුණික බලපෑම, පාරිසරික බලපෑම, මානසික තත්ත්වය, තමාගේ රැුකියාව (තාක්ෂණික මෙවලම්, කොම්පියුටර්, ලැප්ටොප්, ටැබ්, මොබයිල් දුරකථන නිතර භාවිතා කිරීම* දවස පුරාම යට ඇදුම් තදට ඇඳ සිටීම, වැනි හේතූන් නිසා මෙලෙස අසාමාන්‍ය ශුක‍්‍රාණු ඇති වීමට හේතුවිය හැකියි. ශුක‍්‍රාණු නිපදවන සෛල එසේ හොඳ මට්ටමින් පැවතුණත් ශුක‍්‍රාණුවල වෙනස්කම් ඇති වුවහොත් එහිදී ද දරුවන් හට ගන්නේ නැත. ඒවා ඖෂධ යොදා නිපදවා ගෙන නැවත සකස් කර ගත හැකි බව සඳහන් කළ හැකියි.

ශුක‍්‍රාණු වර්ධනයට හොඳ ආහාර පැවැත්මක් තිබීම වැදගත් වේ. කෑම බීම පලතුරු, සුප් වර්ග මේ සඳහා ආයුර්වේදයේ නිර්දේශ කර ඇත.

ශුක‍්‍රාණු වර්ධනය වීමට

ශිරෝධාර, නාස්‍ය, පිචු වර්ග ආලේප වැනි ක‍්‍රම මඟින් විශේෂයෙන් මෙහිදී ශුක‍්‍රාණු වර්ධනයට උදව් කරගත හැකිය.

ආයුර්වේදයේ ප‍්‍රතිකාරය

නියම ප‍්‍රතිඵළ ලැබීමට නම් ශුක‍්‍රාණුවක් නිපදවීමට මාස 3ක් පමණ ප‍්‍රතිකාර කළ යුතුයි. පුරුෂයා තුළ පවතින වර්තමානයේ ඇති කාර්ය බහුලත්වය මත මදසරු බවින් යුතු යුවලට ප‍්‍රතිකාර ලබාගත යුතුයි. ශුක‍්‍රාණුවල අගය කොයිතරම් හොඳ වුණත් ඩිම්බයක් කරා පීනා යාමේ හැකියාව ඒ ශුක‍්‍රාණුවට නොහැකි නම් ප‍්‍රතිඵල වන්නේ දරුවන් නොලැබීමයි. ඒ සඳහා ශුක‍්‍රාණුවල ගුණාත්මක හා ප‍්‍රමාණාත්මක භාවය වර්ධනය සඳහා ආයුර්වේද ප‍්‍රතිකාර වෙත යොමු වීම යහපත් වන්නේය. එසේම විවිධ රෝග සඳහා දිර්ඝකාලීන කෘතිම ඖෂධ වර්ග නිතර නිතර ගැනීම නිසාද මෙවැනි ශුක‍්‍රාණුවල වෙනස්කම් ඇතිවිය හැකියි.

මත්පැන්, සිගරැුට්, කෘත‍්‍රිම රසකාරක අඩංගු කෑම වර්ග ගැනීම විස්කි, ජින් වැනි දෙස් විදෙස් බීම වර්ග මෙලෙස කාලීනව ගැනීමෙන් ලිංගික බෙලහීනභාවය හා ශුක‍්‍රාණුවල වෙනස්කම් ඇතිවිය හැකියි. කාය වර්ධනය සඳහා ගන්නා විවිධ ඖෂධ, විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු දේ ආහාරයට ගැනීම (ඖෂධ ලෙස හෝ* නිසා එහි බලපෑම මඟින් විවිධ කිරණ සිරුර තුළට ඇතුල්වීම, අධික තාපය සහිත ස්ථානවල රැුකියා කිරිම (උදා. දර පෝරණු, පාන් පෝරණු, වෙල්ඩින් කර්මාන්තශාලා* බර ලෝහ ඊයම් වැනි ස්ථාන ආශි‍‍්‍රතව රැුකියා කිරීම සහ අධික මානසික පීඩනයට ගොදුරු වීම ද ශුක‍්‍රාණු වර්ධනය වන ආහාර නොගැනීම ද බොහෝවිට මේ තත්ත්වයට මුහුණ දීමට සිදු වේ.

ශුක‍්‍රාණු වර්ධනය

සාමාන්‍ය නීරෝගී ශුක‍්‍රාණු ශිත ගුණයෙන් යුතු පරිසරයක ශීත ගුණයෙන් යුතු ආහාරවල උදව්වෙන් නිපද වේ. එසේම නිදහස් මානසික තත්ත්වයක් අනුසාරයෙන් ශුක‍්‍රාණු වර්ධනය ඇති කරගත හැකිය.

ශුක‍්‍රාණු හොඳින් නිෂ්පාදනය වන්නේ ශුක‍්‍රාණු නිපදවන සෛල හොඳ මට්ටමින් තිබුණහොත් පමණි.

ශුක‍්‍රාණුවල වෙනස්කම් ඇතිවීමට (මදසරු භාවය* වෙනත් හේතු

චුම්බක සහිත පටි (BELT)පැළඳීම, චුම්බක ආශි‍‍්‍රත කම්හල්වල රැුකියා කිරීම වැනි හේතු ඇතුලත්ය.

ශුක‍්‍ර හීන පුරුෂයෙකුගේ ලක්ෂණ

අධික ලෙස කේන්ති යාම

පුරුෂ පෞරුෂ්‍ය මලානික

ඇස් මලානික වීම

උදාසීන බව නැති වීම

නිදිමත ගතිය

ලිංගික බෙලහීනතාවය

ලිංගික කාර්ය සම්බන්ධ උනන්දු නොවීම

ආකර්ශනීය බවින් හා ප‍්‍රසන්න බවින් යුක්ත නොවීම

ස්වර්ණා ආරියවංශ