තුර්කිය බිම හෙළුෑ ඩ්‍රෝනය අපේ නොවේ

සියලූම රුසියානු මිලිටරි යානාවන් සිරියාවේ ගුවන් මෙහෙයුම් අවසන් කර ක්මෙයිමිම් ගුවන් හමුදා කඳවුරට ළගාවූ බව රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ.

එම අමාත්‍යාංශ ප‍්‍රකාශක මේජර් ජෙනරාල් ඉගෝර් කොනෂෙන්කොව් පවසා ඇත්තේ රුසියාවට අයත් සියලූම චරපුරුෂ හා නිරීක්‍ෂණ ඩ්‍රෝන යානාවන් නිසි පරිදි මෙහෙයුම්වල නිරතවෙමින් සිටින බවයි.

විසින් මේ බව පවසා ඇත්තේ තමන් විසින් හඳුනා නොගත් ඩ්‍රෝන යානාවක් පහරදී බිම හෙළුෑ බවට තුර්කිය විසින් ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුවය.

සිරියානු දේශසීමාවේ සිට කිලෝමීටර් 3ක් පමණ තුර්කිය තුළට පැමිණ තිබූ ඩ්‍රෝන යානාවක් විනාශ කළ බව නිවේදනය කර ඇති තුර්කි හමුදා මණ්ඩලය පවසා ඇත්තේ පහරදීමට පෙර තමන් විසින් ඩ්‍රෝනයට තෙවරක් අනතුරු හැගවූ බවයි.

මේ අතර කඩාවැටුණු ඩ්‍රෝන යානය රුසියාවට අයත් යානයක් බවට නම හෙළි නොකළ ඇමරිකානු නිලධාරියකුද පැවසූ බව මාධ්‍ය විසින් වාර්තා කරන ලදී.

ඇතැම් තුර්කි මාධ්‍ය දක්වා තිබුණේ යානය රුසියානු නිෂ්පාදිත ඔර්ලාන් 10 වර්ගයේ ඩ්‍රෝනයක් වන බවයි.  නමුත් ඔර්ලාන්හි නිෂ්පාදක ශාන්ත පීටර්ස්බර්ග් තාක්‍ෂණික මධ්‍යස්ථානය විසින් ඡුායාරූපවල දැක්වුණු යානාව  ඕර්ලාන් ඩ්‍රෝනයක් නොවන බවත් මෙය රුසියාවට එරෙහි තොරතුරු යුද්ධයේ පියවරයක් බවත් පවසන ලදී.