ලංකාවේ ගෑනු 15%කට වඳභාවය

ශ‍්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් සියයට 10 – 15ක් දෙනා මේ වන විට මඳ වඳභාවයට හෝ මඳසරුභාවයට පත්ව ඇති අතර ඉන් සියයට 20ක් දෙනාගේ වඳභාවයට හෝ මදසරුභාවයට හේතුවී ඇත්තේ ”ලිංගිකව බෝවන ක්ලැමීඩියා හා ගොනෝරියා නමැති රෝගී තත්ත්වයන් බව එච්.අයි.වී. ඒඞ්ස් රෝග මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේය.

ක්ලැමීඩියා හා ගොනෝරියා නමැති රෝගකාරක වෛරසය කාන්තාවන්ගේ පැලෝපීය නාළයන් අවහිරකරන අතර ඩිම්බ කෝෂවල ඩිම්බ විනාශ කරන බවද සොයා ගෙන ඇතැයි හෙතෙම පැවැසීය.