TRC ඉහල නිලධාරින් තිදෙනෙකු ජනපති අතින් ඉවතට

රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තිවලට පටහැනි වන අන්දමින් මුල්‍ය අවභාවිතා කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ඒ.ස්වහීර් මහතා ඇතුළු තවත් තිදෙනෙක ඔවුන් දැරූ තනතුරු වලින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර තිබේ.