අස්ථි බිඳීම් හන්දි උළුක්කු තිතට සුවකරන

“එරබදු මල් පොට්ටු පොට්ටු අවුරුද්දත් කිට්ටු කිට්ටු..” සිංහල අලුත් අවුරුද්ද ළං ළං වෙද්දි මේ ගීතය ඔබට වැඩි වැඩියෙන් අහන්න ලැබෙනවා. එරබදු මල් ඇත්තටම ගොඩක් ලස්සනයි. ඔබ අනන්තවත් දැක ඇති රතුපාට පොකුරු පොකුරු ලස්සන මලක්. ඇත්තටම කීවොත් එරබදු ගැන දේශීය වෙදකමේදී නම් කතා කරන්නේ අවුරුදු කාලයටම විතරක් නෙවෙයි. එරබදු කියන්නේ අපේ දේශීය වෙදකමේ ඔෟෂධ වට්ටෝරු රැසකට භාවිත කරන ගුණවත් ඔෟෂධයක්.
ලංකාවේ කඳුරට ප්‍රදේශවල තේ වතු ආශ්‍රිතව බහුල වශයෙන් දක්නට ලැබෙන එරබදු ලංකාවේ සෑම ප්‍රදේශයකම අතරින් පතර හෝ දක්නට ලැබෙනවා. මධ්‍ය ප්‍රමාණයේ ගසක් වන එරබදු ගහ අඩි 20ක් 30ක් වගේ උස ගහක්. කඳුකර වතු ආශ්‍රිතව බහුලව දැකගන්නට පුළුවන් වුණත් උද්‍යාන අලංකරණය සඳහාත් මේ ගස භාවිත කරනවා. ඒ වගේම තමයි වැට මායිම්වලටත් ඇහැළ ගස් එක පෙළට රෝපණය කර තිබෙන අවස්ථා අප දැක තිබෙනවා. මල් හැදෙන කාලෙට ගොඩක් ලස්සනයි. මේ ශාකය ඉක්මනින්ම වර්ධනය වීමත් වැට මායිම්වලට යොදා ගැනීමට තවත් එක් හේතුවක්.
සංස්කෘත භාෂාවෙන් ‘පාරිබදු’ යන නාමයෙන් හඳුන්වන එරබදු ‘නිම්බ තරු’ යන නමිනුත් හඳුන්වනවා. කොහොඹවලට සමාන තිත්ත රසක් ඇති නිසයි ඒ නාමයෙන් මෙය හඳුන්වන්නේ. රතු පාට පුෂ්ප ඇති මලක් නිසා ‘රක්ත පුෂ්ප’ ලෙසත් ‘කණ්ඪකී’ ලෙසත් එරබදු හඳුන්වනවා.
බක් මාසයේ රතු මලින් බරවෙන එරබදු අයත් වන්නේ ජ්චඡචජඥචඥ කුලයට. ඡ්පඨබඩපඪදච ඍචපඪඥඨචබච මෙහි උද්භිද විද්‍යාත්මක නාමය. මාර මුරුංගා ලෙසත් හඳුන්වන එරබදු වර්ග දෙකක් දේශීය වෙදකමේදී ආයුර්වේද පිණිස ගන්නවා. ඒ වර්ග දෙක තමයි සාමාන්‍ය එරබදු සහ යක් එරබදු. මේ එරබදු වර්ග දෙකේම ගහේ කටු තිබෙනවා. යක් එරබදුවල කටු වැඩියි. සාමාන්‍ය එරබදු ඔෟෂධ පිණිස යොදා ගත්තත් ඔෟෂධ පිණිස යක් එරබදු වඩාත්ම සුදුසුයි. මෙහිදී ඔබ වඩාත්ම සැලකිලිමත් වියයුතු කරුණක් තිබෙනවා. සාමාන්‍ය එරබදු ප්‍රභේද දෙකක් තිබෙනවා. ගහේ කොළ මත කහ පාට ඉරි පිහිටා තිබෙන එරබදු ප්‍රභේදය ඔෟෂධ පිණිස සුදුසු නැහැ. ඔබට ඒ ප්‍රභේදය හඳුනා ගන්න පහසුයි. ඒ එරබදු ගහේ කටු නැහැ.
ඔෟෂධ පිණිස ගැනීමේදී යක් එරබදුවල සහ සාමාන්‍ය එරබදුවල (ඔෟෂධ පිණිස ගන්නා වර්ගයේ) ගහේ පොතු, කොළ, ඇට, මුලේ පොතු යන අංග රැසක් භාවිත කරනවා.
ආයුර්වේදයේ ස¼දහන් වන ආකාරයට එරබදු කොළ සහ ඇට පණු රෝග සුව කරන්න ඉතාම ගුණදායකයි. ඒ වගේම අක්මාවේ, ජලීහාවේ රෝගවලට වගේම සෑම උණ රෝගයක්ම සුව කරන්න එරබදු පොතු ගුණදායකයි. ‘රෝහිතක’ කියන ඔෟෂධය දේශීය චිකිත්සාවේදී ඔෟෂධ සෑදීමට නිර්දේශ කළත් ඒ ඔෟෂධය අපේ රටේ නැහැ. රෝහිතක වෙනුවට භාවිත කරන ඒ හා සමාන ගුණයක් දෙන ඔෟෂධයක් තමයි එරබදු කියන්නේ.
දේශීය චිකිත්සාවේදී විවිධ කැඩුම් බිඳුම් උළුක්කු සුව කරන්නත් එරබදු ඇට මිශ්‍ර පත්තු භාවිත කරනවා. එරබදු ඇටවල ඉක්මනින් අස්ථි සුව කිරීමේ ඔෟෂධීය රසායනික සංඝටක අන්තර්ගතයි. එරබදු පොතු තිත්ත රසායනික ද්‍රව්‍යයක්. ඒ රසායනය තරමක් විසයි. නමුත් ශරීරයට අහිතකර විසක් එහි නැහැ.

ගොඩකදුරු වගේ විසක් ශරීරගත වූ විටකදී එරබදු පොතු කෂාය හදල පානය කරන්න දෙනවා නම් රෝගියාගේ ගොඩකදුරු විස විනාශ වෙනවා. ඇත්තටම එරබදු කියන්නේ විස නසන ප්‍රති විසක්. දේශීය චිකිත්සාවේ විසෙන් විස නසනවා කියන්නේ මෙයටයි.
ශරීරයේ ලේ භග්නි රෝගවලදී බහුල වශයෙන් එරබදු භාවිත කරන්න පුළුවන්. කුෂ්ඨ රෝග, විවිධ විසර ගෙඩි, පැසවූ තුවාල, අලුත කැපුණු තුවාල වැනි සමේ ඇතිවන සෑම තුවාලයකටම ආලේප කළ හැකි හොඳ ඔෟෂධයක් මම කියන්නම්. එරබදු දලු මිටක් අරගෙන හොඳින් තම්බා ඒ තැම්බුම් දියරින් තුවාල, කුෂ්ඨ, විසර ගෙඩි සෝදන්න දිනපතා උදේ සවස දින කිහිපයක් කරන්න ක්‍රම ක්‍රමයෙන් ඒ ආසාධන සියල්ලකින්ම ඔබට මිදෙන්න පුළුවන් වේවි. ඇත්තටම එරබදු කියන්නේ ලේ පිරිසුදු කරන ශරීරයේ අපිරිසුදු විස තත්ත්වයන්. නාශනය කරන හොඳ විස බීජ නාශක ඔෟෂධයක් විවිධ විස කටු, යකඩ ඇණ වැනි දේවල් කකුල්වල ඇනීම නිසා සුව නොවන තුවාල හට ගැනීමේ අවදානම වැඩියි. එවන් අවස්ථාවකදීත් එරබදු කොළ, දලු තම්බා දිනපතා විස කටුව ඇනුණු ස්ථානය සෝදන්න. ක්‍රම ක්‍රමයෙන් එහි විස මැරී තුවාලය සුව වේවි.
විවිධ ආසාත්මිකතා නිසා හෝ දියවැඩියාව වැනි රෝග නිසා ඇතැම් තුවාල පැසවන ස්වභාවයක් ගන්නවා. එවිට කබොල්ල ඉවත් නොකර ඔෟෂධ භාවිත කරන්නත් බෑ.
කබොල්ල ඉවත් කර තුවාලය පිරිසුදු කිරීමට එරබදු දලු මී පැණියෙන් අඹරා තුවාලය මත බඳින්න.
ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත රෝග නිසා අපේ රටේ බොහෝ පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. ආමාශගත තුවාල නිසා විටින් විට බඩ දැවිල්ල ගන්නවා. කෑම අරුචිය, වමනය යෑම වැනි තත්ත්ව ඇති වෙනවා. ආහාර නොදිරවීම වැනි තත්ත්වය වගේම එය අර්ශස් රෝගය දක්වා වැඩි වීමේ අවදානමක් තිබෙනවා. ආහාර අරුචිය නැති කිරීමේ සිට අර්ශස් රෝගය සුව කිරීම දක්වා ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත සෑම රෝගයක් සුව කරන්න එරබදු පොතුවලට පුළුවන්. ඔබ කළ යුත්තේ දිනපතා උදේ සවස එරබදු පොතු කෂායක් ලෙස පත අට එකට සිඳුවා උදේට පත භාගයයි සවසට පත භාගයයි දින කිහිපයක් පානය කිරීම පමණයි. ඒ වගේම මේ එරබදු පොතු කෂාය විවිධ මානසික රෝගවලටත් සුබදායකයි. නිදු කාරක ගුණයක් ඇති එරබදු පොතුවල මානසික නිරවුල්භාවය ලබා දීමේ රසායනික ඔෟෂධීය සංඝටක පවතිනවා. එබැවින් මීමැස්මොර, මානසික අවුල් බව, නින්ද නොයෑම, අමතක වීමේ ස්වභාවය වැනි සෑම තත්ත්වයක්ම සුව කර ගන්න පුළුවන් ඔබ දිනපතා එරබදු පොතු කාය පානය කරනව නම්,
ඒ වගේම තමයි බහු මුත්‍රතාව හෙවත් නිතරම මුත්‍රා පිටවීමේ රෝගය සුවපත් කරන්නත් එරබදු පොතු කෂාය හොඳ ඔෟෂධීය පානයක්. ස්ත්‍රීන්ගේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇති වන රෝග සුව කරන්න ඉතාම ගුණවත් කෂායක් එරබදු කොළවලින් සාදාගන්න පුළුවන්. එරබදු කොළ ස්වල්පයක් මුට්ටියකට දමා එයට වතුර පත අටක් දමා හොඳින් තම්බා පත එක්ක පදමට සිඳුණු පසු උදේ සවස පත භාගය බැගින් දින කිහිපයක් පානය කරන්න. ස්ත්‍රීන්ගේ රෝග සුවපත් කරනවා වගේම කිරි දෙන මවුවරුන්ගේ කිරි වර්ධනය කර ගැනීමටත් මේ දේශීය ඔෟෂධය ගුණදායකයි.
එරබදු දලු මැල්ලුමක් ලෙස ආහාරයට ගැනීමෙනුත් ඉහත කී සෑම රෝගයකටම සුවයක් ලබන්න පුළුවන්. ගැමි ගෘහණියන් අතර නම් එරබදු දලු මැල්ලුම ප්‍රචලිතයි. සාමාන්‍යයෙන් සතියකට වරක් සති දෙකකට වරක් ඔබ ඔබේ ආහාර වේලට එරබදු දලු මැල්ලුමක් එකතු කර ගත්තොත් පණු බෙහෙත් බොන්න අවශ්‍ය නැහැ. පණු අමාරුවටත් මේ මැල්ලුම ඉතාම ගුණාදායකයි. කුඩා දරුවන්ගේ පණු රෝග සඳහා භාවිත කරන වටිනා ඔෟෂධයක් දේශීය චිකිත්සාවේ සඳහන් වෙනවා. එහි නම ‘ජීවානන්ද වටී’. ඒ ජීවානන්ද වටී ගුළිය අඹරන්නත් එරබදු පොතු සහ ඉස්ම භාවිත කරනවා. මේ ඔෟෂධය ඔබට අවශ්‍ය නම් වෙළෙඳපොළෙන් ලබා ගන්නත් පුළුවන්. මෙය දරුවන්ගේ පණු රෝගවලට දෙන ඔෟෂධීය ගුළියක්.
අස්ථි බිඳීම්, හන්දි උලුක්කු වැනි අවස්ථාවලදී විටදී එරබදු පොතු අන්තර්ගත සුවදායක ඔසුවක් ඔබට නිවෙසේ සිටම සාදාගන්න පුළුවන්. එරබදු පොතු, හික් පොතු, කහ, ලුණු සමව දමා හොඳින් කොටා මලවා අස්ථි බිඳීම්, හන්දි උලුක්කු ඇති වූ ස්ථානයේ බඳින්න. අස්ථි බිඳීම ඉක්මනින් ප්‍රති නිර්මාණය කිරීමේ රසායනික ගුණයක් මේ ඔෟෂධ වට්ටෝරුවේ පවතිනවා.
විවිධ කැසීම් නිසා දද, හොරි වැනි ආසාත්මිකතා ඇති වීමේ අවදානම වැඩියි. ඉකිලි, කිසිලිවල පුස් වැනි දද පවා කැසීම නිසා හට ගන්නවා. එවන් අවස්ථාවලදී අමු කහ කැබැල්ලක් මී පැණියෙන් හොඳින් අඹරා එයට කොහොඹ තෙල් ස්වල්පයක් මිශ්‍ර කර ළිපේ තබා කකාරා හොරි දද මත ආලේප කරන්න. මෙය උදේ සවස දින කිහිපයක් කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
සමහර තැළීම් අවස්ථාවලදී ඒ තැළුම් වේදනා නැති කරන්නත්, පුංචි බබාලගෙ ඇඟේ රතු දද ඇති වූ විටදී ඒවා නැති කරන්නත් එරබදු කොළ මිශ්‍රව සාදාගන්න බෙහෙත් පැණියක් මම ඔබට කියන්නම්. එරබදු කොළ, රත්මල්, අරලු කළං 4 බැගින් ගෙන වතුර පත 8ක් මිශ්‍ර කර එය පත 1කට සිඳ ගන්න. පත එකට සිඳගත් පසු එය පෙරා සීනි ග්‍රෑම් 500ක් එයට මිශ්‍ර කර පැණි පදමට එනතුරු කකාරන්න. හොඳින් කකාරා ගත් මේ ඔෟෂධීය පැණිය සුළං නොවදින බෝතලයකට දමා වරකට තේ හැඳි දෙකක් බැගින් දිනපතා උදේ සවස ආහාරයට දෙන්න. මෙය සති කිහිපයක් කළොත් කුඩා දරුවන්ගේ රතගාය, රත් දද, පලු ඉක්මනින් සුව වෙනවා. මේ ඔෟෂධීය පැණිය සුරක්ෂිතව මාසයක් පමණ කාලයක් තබා ගන්නත් පුළුවන්.
සිකනල්, ගෝනුසු වැනි සත්ත්ව විෂක් ශරීරගත වූ අවස්ථාවකදී එරබදු කොළ ඉස්ම සත්ත්ව දෂ්ටනය වූ ස්ථානයේ වරින්වර ආලේප කළොත් ඒ සත්ත්ව විස මාරණය කරන්න පුළුවන්. ඒ වගේම ලොකු කුඩා සෑම දෙනෙක්ටම ඇති වන පණු අමාරු සුව කරන්න එරබදු ඇට හොඳින් වේළාගෙන කුඩු කර තේ හැඳි 1ක ප්‍රමාණයක් උණු වතුර හා බොන්න දෙන්න. එය පණු අමාරුව රෝගය සුව කරන්න ඉතාම ගුණදායකයි.
වෙළෙඳපොළේ පවතින බොහෝමයක් ඔෟෂධවල එරබදු ඔෟෂධීයමය ශාකය අන්තර්ගතයි. උදාහරණයක් විදියට ගත්තොත් විවිධ විස වර්ග සුව කිරීමට භාවිත කරන ‘සර්ව විෂාධි’ තෛලයේ එරබදු පොතු අඩංගු වෙනවා. ඒ වගේම තමයි පණු රෝග, කාලීන තුවාල, අක්මා රෝග, විවිධ ආසාත්මිකතා වැනි රෝග තත්ත්වවලට සුවය සලසන ‘පාරිභධ්‍රාවලේහය’ (ජෑම් වගේ කෑ හැකි ඔසුවක්) ඔෟෂධයේත් මේ එරබදු ශාකය අන්තර්ගතයි.

ගොඩකදුරු වගේ විසක් ශරීරගත වූ විටකදී එරබදු පොතු කෂාය හදල පානය කරන්න දෙනවා නම් රෝගියාගේ ගොඩකදුරු විස විනාශ වෙනවා. ඇත්තටම එරබදු කියන්නේ විස නසන ප්‍රති විසක්. දේශීය චිකිත්සාවේ විසෙන් විස නසනවා කියන්නේ මෙයටයි.
ශරීරයේ ලේ භග්නි රෝගවලදී බහුල වශයෙන් එරබදු භාවිත කරන්න පුළුවන්. කුෂ්ඨ රෝග, විවිධ විසර ගෙඩි, පැසවූ තුවාල, අලුත කැපුණු තුවාල වැනි සමේ ඇතිවන සෑම තුවාලයකටම ආලේප කළ හැකි හොඳ ඔෟෂධයක් මම කියන්නම්. එරබදු දලු මිටක් අරගෙන හොඳින් තම්බා ඒ තැම්බුම් දියරින් තුවාල, කුෂ්ඨ, විසර ගෙඩි සෝදන්න දිනපතා උදේ සවස දින කිහිපයක් කරන්න ක්‍රම ක්‍රමයෙන් ඒ ආසාධන සියල්ලකින්ම ඔබට මිදෙන්න පුළුවන් වේවි. ඇත්තටම එරබදු කියන්නේ ලේ පිරිසුදු කරන ශරීරයේ අපිරිසුදු විස තත්ත්වයන් නාශනය කරන හොඳ විස බීජ නාශක ඔෟෂධයක්. විවිධ විස කටු, යකඩ ඇණ වැනි දේවල් කකුල්වල ඇනීම නිසා සුව නොවන තුවාල හට ගැනීමේ අවදානම වැඩියි. එවන් අවස්ථාවකදීත් එරබදු කොළ, දලු තම්බා දිනපතා විස කටුව ඇනුණු ස්ථානය සෝදන්න. ක්‍රම ක්‍රමයෙන් එහි විස මැරී තුවාලය සුව වේවි.
විවිධ ආසාත්මිකතා නිසා හෝ දියවැඩියාව වැනි රෝග නිසා ඇතැම් තුවාල පැසවන ස්වභාවයක් ගන්නවා. එවිට කබොල්ල ඉවත් නොකර ඔෟෂධ භාවිත කරන්නත් බෑ.
කබොල්ල ඉවත් කර තුවාලය පිරිසුදු කිරීමට එරබදු දලු මී පැණියෙන් අඹරා තුවාලය මත බඳින්න.
ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත රෝග නිසා අපේ රටේ බොහෝ පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. ආමාශගත තුවාල නිසා විටින් විට බඩ දැවිල්ල ගන්නවා. කෑම අරුචිය, වමනය යෑම වැනි තත්ත්ව ඇති වෙනවා. ආහාර නොදිරවීම වැනි තත්ත්වය වගේම එය අර්ශස් රෝගය දක්වා වැඩි වීමේ අවදානමක් තිබෙනවා. ආහාර අරුචිය නැති කිරීමේ සිට අර්ශස් රෝගය සුව කිරීම දක්වා ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත සෑම රෝගයක් සුව කරන්න එරබදු පොතුවලට පුළුවන්. ඔබ කළ යුත්තේ දිනපතා උදේ සවස එරබදු පොතු කෂායක් ලෙස පත අට එකට සිඳුවා උදේට පත භාගයයි සවසට පත භාගයයි දින කිහිපයක් පානය කිරීම පමණයි. ඒ වගේම මේ එරබදු පොතු කෂාය විවිධ මානසික රෝගවලටත් සුවදායකයි. නද්‍රා කාරක ගුණයක් ඇති එරබදු පොතුවල මානසික නිරවුල්භාවය ලබා දීමේ රසායනික ඔෟෂධීය සංඝටක පවතිනවා. එබැවින් මීමැස්මොර, මානසික අවුල් බව, නින්ද නොයෑම, අමතක වීමේ ස්වභාවය වැනි සෑම තත්ත්වයක්ම සුව කර ගන්න පුළුවන් ඔබ දිනපතා එරබදු පොතු කෂාය පානය කරනව නම්,
ඒ වගේම තමයි බහු මුත්‍රතාව හෙවත් නිතරම මුත්‍රා පිටවීමේ රෝගය සුවපත් කරන්නත් එරබදු පොතු කෂාය හොඳ ඔෟෂධීය පානයක්. ස්ත්‍රීන්ගේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇති වන රෝග සුව කරන්න ඉතාම ගුණවත් කෂායක් එරබදු කොළවලින් සාදාගන්න පුළුවන්. එරබදු කොළ ස්වල්පයක් මුට්ටියකට දමා එයට වතුර පත අටක් දමා හොඳින් තම්බා පත එකක් පදමට සිඳුණු පසු උදේ සවස පත භාගය බැගින් දින කිහිපයක් පානය කරන්න. ස්ත්‍රීන්ගේ රෝග සුවපත් කරනවා වගේම කිරි දෙන මවුවරුන්ගේ කිරි වර්ධනය කර ගැනීමටත් මේ දේශීය ඔෟෂධය ගුණදායකයි.
එරබදු දලු මැල්ලුමක් ලෙස ආහාරයට ගැනීමෙනුත් ඉහත කී සෑම රෝගයකටම සුවයක් ලබන්න පුළුවන්. ගැමි ගෘහණියන් අතර නම් එරබදු දලු මැල්ලුම ප්‍රචලිතයි. සාමාන්‍යයෙන් සතියකට වරක් සති දෙකකට වරක් ඔබ ඔබේ ආහාර වේලට එරබදු දලු මැල්ලුමක් එකතු කර ගත්තොත් පණු බෙහෙත් බොන්න අවශ්‍ය නැහැ. පණු අමාරුවටත් මේ මැල්ලුම ඉතාම ගුණාදායකයි. කුඩා දරුවන්ගේ පණු රෝග සඳහා භාවිත කරන වටිනා ඔෟෂධයක් දේශීය චිකිත්සාවේ සඳහන් වෙනවා. එහි නම ‘ජීවානන්ද වටී’. ඒ ජීවානන්ද වටී ගුළිය අඹරන්නත් එරබදු පොතු සහ ඉස්ම භාවිත කරනවා. මේ ඔෟෂධය ඔබට අවශ්‍ය නම් වෙළෙඳපොළෙන් ලබා ගන්නත් පුළුවන්. මෙය දරුවන්ගේ පණු රෝගවලට දෙන ඔෟෂධීය ගුළියක්.
අස්ථි බිඳීම්, හන්දි උලුක්කු වැනි අවස්ථාවලදී විටදී එරබදු පොතු අන්තර්ගත සුවදායක ඔසුවක් ඔබට නිවෙසේ සිටම සාදාගන්න පුළුවන්. එරබදු පොතු, හික් පොතු, කහ, ලුණු සමව දමා හොඳින් කොටා මලවා අස්ථි බිඳීම්, හන්දි උලුක්කු ඇති වූ ස්ථානයේ බඳින්න. අස්ථි බිඳීම ඉක්මනින් ප්‍රති නිර්මාණය කිරීමේ රසායනික ගුණයක් මේ ඔෟෂධ වට්ටෝරුවේ පවතිනවා.
විවිධ කැසීම් නිසා දද, හොරි වැනි ආසාත්මිකතා ඇති වීමේ අවදානම වැඩියි. ඉකිලි, කිසිලිවල පුස් වැනි දද පවා කැසීම නිසා හට ගන්නවා. එවන් අවස්ථාවලදී අමු කහ කැබැල්ලක් මී පැණියෙන් හොඳින් අඹරා එයට කොහොඹ තෙල් ස්වල්පයක් මිශ්‍ර කර ළිපේ තබා කකාරා හොරි දද මත ආලේප කරන්න. මෙය උදේ සවස දින කිහිපයක් කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
සමහර තැළීම් අවස්ථාවලදී ඒ තැළුම් වේදනා නැති කරන්නත්, පුංචි බබාලගෙ ඇඟේ රතු දද ඇති වූ විටදී ඒවා නැති කරන්නත් එරබදු කොළ මිශ්‍රව සාදාගන්න බෙහෙත් පැණියක් මම ඔබට කියන්නම්. එරබදු කොළ, රත්මල්, අරලු කළං 4 බැගින් ගෙන වතුර පත 8ක් මිශ්‍ර කර එය පත 1කට සිඳ ගන්න. පත එකට සිඳගත් පසු එය පෙරා සීනි ග්‍රෑම් 500ක් එයට මිශ්‍ර කර පැණි පදමට එනතුරු කකාරන්න. හොඳින් කකාරා ගත් මේ ඔෟෂධීය පැණිය සුළං නොවදින බෝතලයකට දමා වරකට තේ හැඳි දෙකක් බැගින් දිනපතා උදේ සවස ආහාරයට දෙන්න. මෙය සති කිහිපයක් කළොත් කුඩා දරුවන්ගේ රතගාය, රත් දද, පලු ඉක්මනින් සුව වෙනවා. මේ ඔෟෂධීය පැණිය සුරක්ෂිතව මාසයක් පමණ කාලයක් තබා ගන්නත් පුළුවන්.
සිකනල්, ගෝනුසු වැනි සත්ත්ව විෂක් ශරීරගත වූ අවස්ථාවකදී එරබදු කොළ ඉස්ම සත්ත්ව දෂ්ටනය වූ ස්ථානයේ වරින්වර ආලේප කළොත් ඒ සත්ත්ව විස මාරණය කරන්න පුළුවන්. ඒ වගේම ලොකු කුඩා සෑම දෙනෙක්ටම ඇති වන පණු අමාරු සුව කරන්න එරබදු ඇට හොඳින් වේළාගෙන කුඩු කර තේ හැඳි 1ක ප්‍රමාණයක් උණු වතුර හා බොන්න දෙන්න. එය පණු අමාරුව රෝගය සුව කරන්න ඉතාම ගුණදායකයි.
වෙළෙඳපොළේ පවතින බොහෝමයක් ඔෟෂධවල එරබදු ඔෟෂධීයමය ශාකය අන්තර්ගතයි. උදාහරණයක් විදියට ගත්තොත් විවිධ විස වර්ග සුව කිරීමට භාවිත කරන ‘සර්ව විෂාධි’ තෛලයේ එරබදු පොතු අඩංගු වෙනවා. ඒ වගේම තමයි පණු රෝග, කාලීන තුවාල, අක්මා රෝග, විවිධ ආසාත්මිකතා වැනි රෝග තත්ත්වවලට සුවය සලසන ‘පාරිභධ්‍රාවලේහය’ (ජෑම් වගේ කෑ හැකි ඔසුවක්) ඔෟෂධයේත් මේ එරබදු ශාකය අන්තර්ගතයි.

 

සමිත් මධුරංග
ඡායාරූප : රුවන් වල්පොළ