හිටපු කොටි නායිකා තමිලිනී මියයයි

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කාන්තා බලකායේ නායිකාවක් ලෙස කලක් සේවය කළ සුබ්‍රමනියම් සිවහාමි හෙවත් තමිලිනී මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) මිය ගිය බව පොලිසිය පවසයි.

මියයන විට 43 හැවිරිදි වියේ පසුවු තමිලිනි කිලිනොච්චි, පරන්තන් ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන්ය.

තමිලිනි  1991 වසරේ එල්.ටි.ටි.ඊ. සංවිධානයට සම්බන්ධ වී ඇති අතර  ඉන් අනතුරුව එහි කාන්තා අංශයේ දේශපාලන නායිකාව ලෙස කටයුතු කරනු ලැබුණි.

2009 වසරේ මැයි මාසයේ දි ආරක්ෂක අංශ විසින් එල්.ටී.ඨී.ඊ. පරාජය කිරීමෙන් අනතුරුව වව්නියාව අවතැන් කඳවුරක සිටියදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් තමිලිනි අත්අඩංගුවට ගෙන තිබුණි.