ලෝක කුසලාන රග්බි තරගාවලියේ පළමු අවසන් පුර්ව තරගයට සුදුසුකම් ලැබීමට නවසීලන්තය හා දකුණු අප්රිකාව සමත්විය. අර්ධ අවසන් පුර්ව වටයේදී නවසීලන්තය තරගාවලියේ අපරාජිතව අවසන් පුර්ව වටයට පිවිසුණේ ප්රංශය හමුවේ ලකුණු 62-13ක දැවැන්ත ජයක් ලබමින්ය.දකුණු අප්රිකාව වෙල්සය හමුවේ ලකුණු 23-19ක සටන්කාමි ජයක් වාර්තාකරමින් පළමු අවසන් පුර්ව තරගය සදහා සුදුසුකම් ලැබීය. ඒ අනුව එළඹෙන 24 වෙනිදා පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ නවසීලන්තය හා දකුණු අප්රිකාව තරග වදිනු ඇත.