එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ට සමාව දෙන්න එපා

අපරාධවලට සම්බන්ධ එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ට පොදු සමාවක් ලබාදීම අනුමත කළ නොහැකි බව යහපාලන ආණ්ඩුවේ පාර්ශ්වකාර පක්ෂයක් වන ජාතික හෙළ උරුමය අවධාරණය කර සිටියි.

ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද සාමය හා සංහිඳියාවට සුවිසල් බාධාවක් වූ එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදය මුලිනුඋපුටා දැමුවද ඒ පිළිබඳව කතිකාව තාමත් නිමාවී නැතැයි පවසන ජාතික හෙළ උරුමය, ත්‍රස්තවාදය පවතින සමයේ දී මෙරට බොහෝ දේශපාලන පක්ෂ, රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද යුක්තිසහගත විග්‍රහයක් දක්නට නොලැබුන බව ද කියා සිටියි.

එම පක්ෂයේ මාධ්‍ය ලේකම්, බස්නාහිර පළාත් සභා අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා නිකුත්කළ නිවේදනයක එබව සඳහන් වේ.