ගුවන් හමුදාවට තාක්ෂණික දැනුම සමග පහසුකම් – ජනපති

රටේ ජාතික ආරක්ෂාවේදී ගුවන් හමුදා නිලධාරීන් තමන්ගේ වගකීම් නිසි ලෙස ඉටුකරනු ලැබේයැයි තම විශ්වාසය බවත්, ඒ සඳහා අවශ්‍ය නව තාක්ෂණික දැනුම සමග පහසුකම් ලබාදීමට කටයුතු කරන බවටත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ගුවන් කැඩෙට් නිලධාරීන් අධිකාරී තනතුරට  පත්කිරීම, පියාසර කැඩෙට් නිලධාරීන්ට පියාසර නිල ලාංඡන පැලඳවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කදවුරේදී ඊයේ (19) සිදු කෙරිණු අවස්ථාවේ මෙම අදහස් පළකෙරිණි.

කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ගුවන් හමුදාවෙන් සිදුවූ මෙහෙය කිසිවිටෙක අඩුවෙන් තක්සේරු කිරීමට නොහැකි බවත්, ගුවන් හමුදාවේ සේවාවන්වල තිබෙන්නා වූ ප‍්‍රමිතිය හා ගුණාත්මකභාවය පිළිබඳව තමා ඉතාමත් තෘප්තිමත් වන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

ada.lk